(ගයාන් සූරියආරච්චි)

දිවයිනේ විවිධ ස්ථානවලින් යතුරුපැදි සොරාගත් සැකකරුවන් දෙදෙනකු යතුරුපැදි 3 ක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.

මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

මෙම යතුරුපැදි සැකකරුවන්ගේ කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ නිවෙස්වල සගවා තිබියදී පොලිසිය සොයාගෙන තිබූ අතර ඔවුන් සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 14 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු බව කියන තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි කඩවත් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.