(ගයාන් සූරිය ආරච්චි)

සොරකමකට අදාළ සැකකරුවකු බියවද්දා රුපියල් 80,000ක මුදලක් බලෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සොරකම් කිරීමට අදාල පුද්ගලයා කොළඹ පහළොව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් ඔහු සොරකම් කරන ලද භාණ්ඩ සෙවීමට යැයි පවසා එම පුද්ගලයා අත්අඩංගුවට නොගෙන වත්තල ප්‍රදේශයට රැගෙන ගොස් බිය වද්දා එම මුදල් බලෙන් ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.