
(විමුක්ති එස් රුද්‍රිගු)
අපරාධ වරදකට වරකරු වුවහොත් ඇමෙරිකාවට ඇතුළුවීම ස්ථිරවම තහනම් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මුහුණු පොතේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.
සිදුකළ සුළු වැරැද්දක් පවා වීසා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේපවීමට හේතුවක් විය හැකි බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසුවේය. කොන්සියුලර් නිලධාරීන්ට ශ්‍රී ලාංකිකයන්ගේ අපරාධ වාර්තා පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරීන්ට වීසා අයැදුම්කරුවන්ගේ අතීත වැරැදි සහ අත් අඩංගුවට ගැනීම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැකි බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසුවේය.
ඒ හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී සැමවිටම සත්‍ය තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
අසත්‍ය තොරතුරු ලබාදීමෙන් ඇමෙරිකානු ඇතුළුවීම තහනම් විය හැකි බවද තානාපති කාර්යාලය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තියාගනිල්ලා උඹලාගේ වීසා. ඔහේ ගිහින් මොනවා බලන්නද? පාරවල්වල කුඩු ගහලා වැනි වැනී ඉන්න සොම්බිලා බලන්නද?
ඉතා හොඳයි. දිගටම කරගෙන යන්න.
එහෙම නම්, දැනට ඇමරිකාවේ හැංගිලා ඉන්න, මැදමූලන චෞර රාජ-පස්ස පරම්පරාවේ මංඤං මොල හතා කියා ගන්නා, "කපුටු කාක්" hit the plane කියන, පුටුවකින් වැටී කොන්ද කඩා ගත්තා කියන, බැසිල් බාප්පිගෙන් පටන් ගෙන, එහෙ ලැගුම් ගෙන ඉන්න අනිත් හෙන්චයියන් රංචුවම, cargo plane එකක් හරි පුරවා, අධිකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට එවන්න ...