(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා අතර  හමුවක් අද පැවැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ අතුරු සම්මේලනය අතරතුර මෙම හමුව සිදුවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුව කෙටි ඵලදායී එකක් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එහිදී ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා වූ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.