කෝටි අසූ ලක්ෂයක රන් බිස්කට් කටුනායකදී මාට්ටු රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. 21 June 2024
අධික රස්නෙන් 110ක් මරුට උතුරු ඇමරිකාව, දකුණු සහ නැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග යුරෝපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි උෂ්ණත්වයෙන් දහස් ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් රෝගාතුර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 21 June 2024
සැවොම එක්ව රට ගොඩනගමු ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 June 2024
2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 21 June 2024
හිටපු ඉඩම් ඇමතිට දුන්නු දඬුවම කුණු බක්කියට දාලා ඉඩම් අමාත්‍යවරයාගේ කාර්යාලයේ සිදුවූ ගින්නෙන් භාණ්ඩ විනාශ වීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් අමාත්‍යවරයාගේ අලාභය අයකර ගැනීමට අයකර ගැනීමට නිර්දේශ කර ඇතත් එම අලාභය අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 21 June 2024
EPF ඩිජිටල් වෙයි මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත. 21 June 2024
කාලගුණය කැඩු ගෙවල් ආණ්ඩුවෙන් හදා දෙයි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 21 June 2024
සැවොම එක්ව මිහිඳු මග යමු ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ඉවහල් කර ගනිමුයැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 21 June 2024
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 June 2024
මෝදිගෙන් ජනපතිට ලිපියක් යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ. 21 June 2024
තෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක් පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත. 21 June 2024
රටපුරා විහාරස්ථානවලට පොලිසියේ 50,000ක් රාජකාරියේ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 21 June 2024
මැතිවරණයට AI අපේක්ෂකයෙක් ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි. AI ස්ටීව් යනුවෙන් එම චරිතය හැඳින්වෙයි. 21 June 2024
ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගනී හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ශිල්පියකු ලෙස සැලකෙන ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස 88 කි. 21 June 2024
දකුණු ලකේ වෙඩික්කරුවෙක් මාට්ටු දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අරඅදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 20 June 2024
නාවික සෙබලා නිලධාරිනියකට, සෙබලියකට අසැභි දර්ශන යවලා නාවික හමුදාවේ උසස් නිලධාරිනියකට සහ සාමාන්‍ය සෙබලියකට වට්සැප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කර ලිංගික ක්‍රියාවන් සඳහා ඇරයුම් කර තර්ජනය කළ හිටපු නාවික සෙබළුකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 20 June 2024
තාත්තා ජනපති වුණ පළියට පුතාට රට බාරදෙන්න බෑ පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය. 20 June 2024
සජිත් - ජයශංකර් හමුවක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය. 20 June 2024
’’උරුමය’’ දෙන්න නිලධාරීන් ගමට යවයි සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ’’උරුමය’’ ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම 26 සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. 20 June 2024
අනුරාධපුර තරුණයාගේ ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ’නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ. 20 June 2024
ඉන්දීය ගෙවල් 106ක් විවෘත කරයි ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශ වල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාල ඩිජිටල් සමරු ඵලකය මීට මොහොතකට පෙර නිරාවරණය කෙරිණි. 20 June 2024
‘සහන් පුතා‘ එක්ක මූහුදු ගිය හතක් ගහගෙන අයෙක් මරුට බේරුවල ධීවර වරායේ සිට සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇති බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. 20 June 2024
ඇමති සුසිල්ගෙන් අනාවැකියක් ගුරුවරුන් මේ විදියට වැඩ වර්ජන කිරීමට ගියහොත් තව අවුරුදු පහක් යනවිට ඉගැන්වීමට පන්තිවල දරුවන් නැති වේවි යයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2024
රියදුරු නැතිව ධාවනය වූ ත්‍රිරෝද රිය අඩි 30 ක් පහළට:හතරක් රෝහලේ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී අද (20) දහවල් ත්‍රී රෝද රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙක් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 20 June 2024
තරුෂි -කාලිංග කුමාර ස්පාඤ්ඤයේ සිට කටුනායකට ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එයින් ශ්‍රී ලාංකික ධාවන ශූර තරුෂි කරුණාරත්න රිදී පදක්කමක් සහ කාලිංග කුමාර ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 20 June 2024
යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ. 20 June 2024
ඉන්දීය විදේශ ඇමැති ජනපති හමුවෙයි ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති මන්දිරයේ දී සිදු විය. 20 June 2024
මිහින්තලේ ලොකු අනතුරක් මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි. 20 June 2024
ලොතරැයි ගහන්න කොන්ත්‍රාත්තුව දෙයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්රිත දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
ඉරාන විප්ලවීය හමුදාව කැනඩා ත්‍රස්ත ලැයිස්තුවට ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. කැනඩාව මෙම පියවර ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කඩිනමින් ඉරානයෙන් ඉවත් කර ගැනීමෙන් ද අනතුරුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 20 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026