පොලිසියෙන් කට්ටි පනින්න ගිය යතුරුපැදිකරු අනතුරින් මරුට යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී සැක යතුරු පැදියක් පිටුපස පොලිසිය ලුහුබදිමින් ගිය අවස්ථාවේ පොලිසිය මඟහැර යාමට උත්සහ කළ යතුරුපැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව අසල වූ විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් ඔහු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ. 11 May 2024
මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී? පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . 11 May 2024
සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2024
සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 11 May 2024
අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑම් 200ක් සමග මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 May 2024
තිදරු මව දූෂණය කර මරා දමලා මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි . 11 May 2024
දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. 11 May 2024
ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි. 11 May 2024
ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 11 May 2024
ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක් නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවයි. 11 May 2024
ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි. 11 May 2024
ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සැලසුම්කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය. 10 May 2024
අහුන්ගල්ලේදී වෙඩි කෑ පෙදරේරුවා මරුට අහුන්ගල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. 10 May 2024
නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක් නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක් (විමුක්ති එස් රුද්‍රිගු) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් පැවැසුවාය. එහිදී යහපාලනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවය තමන් අවධාරණය කළ බවත් ශක්තිමත් ශ්‍රී ලංකා ආර්ථිකයක් ගොඩ නැග 10 May 2024
ඕෂද නෙත්මාල්ට ඉංග්‍රීසි විෂය අහිමි වුණේ කාගේ වරදින්ද මව ඔසවා ගෙන හා රෝද පුටුවෙන් එකොලොස් වසරක් පාසලට පැමිණි සිසුවකුට අ. පො ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස මව වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් කර සිටියි. 10 May 2024
අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියල්ල කඩා වැටේ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් අද (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩිකිරීම හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබුණි. 10 May 2024
පොලිස්පතිගෙන් පොලිස් පරීක්ෂක සමන්ට එරෙහිව පැමිණිල්ලක් තම නම භාවිත කරමින් පාතාල නායකයන්ගෙන් මුදල් ලබා ගන්නා පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (10) ප්‍රකාශ කළේය. 10 May 2024
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පෙදරේරුවෙක්ට තුවාල අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 10 May 2024
ජනපති කාන්තාවන්ට පොරොන්දුවක් දෙයි ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 10 May 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් ඉහළ දමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 May 2024
කට්ටි පැන්න කොන්ත්‍රාත්කාරයන්ට කෝටි හතක් පුදලා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 10 May 2024
සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය. 10 May 2024
වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි. 10 May 2024
බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 10 May 2024
ඩයනාගේ පෙත්සමට දින දෙයි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. 10 May 2024
බස් - ත්‍රිරෝද අනතුරින් අයෙක් මරුට:හතරක් රෝහලට බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී - ශ්‍රී ලංගම බස් රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් සිව්දෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 10 May 2024
සිවිල් භටයන්ට පඩිය ආපහු? යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇත. 10 May 2024
තුර්කියට ගොඩබාද්දී යානයේ ටයරයක් පුපුරලා තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්විය. 10 May 2024
පිස්තෝලයක් පෙන්වා රන්භාණ්ඩ අලෙවිසැල කොල්ලකාලා හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 10 May 2024
නීති විරෝධි දැව ගබඩාවක් පුත්තලමේදී වටලයි වසර ගණනාවක් නීති විරෝධි ලෙස කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය දැව ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැව තොගයක් අත් අඩංගුවට ගැනිමට පුත්තලම වන සංරක්ෂණ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද(10 ) සමත්ව තිබුණි. 10 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026