
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද පැවසීය.
ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ පෙන්වා දුන් කියුබානු තානපතිවරයා ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා අවශ්‍ය මහජන සෞඛ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා හමුව අද (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.
ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වසර කිහිපයක පටන් පසුගිය ආණ්ඩු තිබෙන කලෙත් ඩෙංගු මර්දනයට කියුබාව අපට උපදෙස් දුන්න නමුත් හිතු තරම් ප්‍රතිඵල නැත.
කීප සැරයක්ම ලබා දුන් ඩෙංගු උපදෙස් අලුත් ජනපතිතුමාටත් දුන්නට කමක් නෑ, හැබැයි කියුබානු ආර්ථික මොඩලය මෙයාට දීලා අහිංසක අපි අමාරුවේ දානවා නෙවෙයි තානාපතිතුමා.
කියුබානු ආර්ථික මොඩලය මෙහෙ කරන්න බැහැ. අපේ මිනිස්සු කියුබාවේ මිනිස්සුන්ට වැඩිය වෙනස්..., මෙහේ හිටපු මහලොකු සමාජ වාදියෙක් වෙන වාසු පවා ගමන් බිමන් යන්නේ ප්‍රාඩෝ එකේ, අපේ මිනිසුන්ට කන්න නැතිවුණත්, හොඳ ස්කූටියක්, වාහනයක් පදින්න අවශ්‍ය වෙනවා.. ඔවුන් ඡන්දෙ දුන්නෙත් ලොකුම වාහනෙන් ආපු දේශපාලුවාට, කන්න නැතිවුණත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. පැට්‍රල් නැතිවුණ ගමන් ඔවුන් කොළඹ ඇවිත් 69 ලක්ෂයක් ඡන්දේ දීලා රට රකින්න කියලා ගෙනාපු මහා විරුවාත් එලවලා දැම්මා. අපේ මිනිස්සුන්ට ඩෙංගු හැදිලා මැරුණත් කමක් නැහැ හොඳ අවමංගල රථයක යන්න පුලුවන්නම්...!
ඩෙංගු පමණක් නොව සියලුම වර්ගවල මදුරු මර්දනය සදහා නොවරදින ප්‍රතිකර්මය පිරිමි මදුරුවා පාලනය කිරීම බව පිලිගතයුතුය. ඒ සදහා ඉතා කාර්යක්ෂම විෂ සහිත ඇම භාවිතය මෙතෙක් පැවති කිසිදු රජයක් අනුගමනය නොකිරීමට හේතුව කොමිස් වියහැක. අලුතින් පත්වූ රජයවත් ඒ ගැන නිසි අවධානයක් යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
රනිල් මුත්තා කිව්ව ගෑස් පෝලිං, තෙල් පෝලිං කෙසේ වෙතත්, අනුර සහෝදරයා හමුවෙන්න තානාපති පෝලිමක් නං හැදිලා තියෙනවා!