සත්‍යප්‍රිය ලියනගේ සජබයට එක් වෙයි හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය. 23 February 2024
පාඨලී අනාවැකියක් කියයි මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 23 February 2024
දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 3 ක් හෙවත් දරුවන් 129,000 ක් පමණ පාසල් අධ්‍යාපනය නතර කර ඇතැයි එහි වාර්තා හෙළි කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 23 February 2024
දේශපාලන සුරංගනා කතා ඇහුවෙ නැත්නම් රට සිංගප්පූරුවට එහා ආගමික සහ භාෂා වශයෙන් ජනතාව වෙන් නොවී එක්ව කටයුතු කරනවා නම් රටක් වශයෙන් දියුණු වෙනවා පමණක් නොව දේශපාලකයන් පිටුපස හිඟන්නන් සේ යාමට සිදු නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2024
’’සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ’’ සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. 23 February 2024
මහල් නිවාසක ගින්නෙන් 4ක් මරුට: 14කට තුවාල ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ මහල් නිවාසයක ඊයේ (22) ඇති වූ විශාල ගින්නකින් සිව් දෙනකු මියගොස් තවත් 14 දෙනකු තුවාල ලබා ඇතැයි හදිසි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෝර්ජ් සුවාරෙස් මහතා ප්‍රකාශ කළේය. 23 February 2024
විදුහල්පතිවරයකු ඉල්ලා ගවරවිල සිසූහු විරෝධයක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගවරවිල සිංහල මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙස බල කරමින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඊයේ (22) උද්ඝෝෂණයක් සිදු කලහ. 23 February 2024
පළාත් කිපයකට අද වැසි බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 February 2024
ගත වූ 24 පැයේ 729ක් මාට්ටු ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්ති මෙහෙයුම්වලින් අපරාධකරුවන් 729 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 23 February 2024
හිරේ ඉන්න සැමියට කුඩු ගෙනා කත මාට්ටු බන්ධනාගාර ගතකර සිටින සැමියාට ලබාදීම සදහා හෙරෝයින් මත්කුඩු කලිසම් වාටියක සගවාගෙන පැමිණි බිරිය සමග මාස 7 ක් වයසැති පිරිමි දරුවකු භාරකාරත්වය සමග අත්අඩංගුවට ගත් බව කළුතර උතුරු පොලිසිය කියයි. 23 February 2024
කිතුල්උතුව අනතුරින් කතක් මරුට:තුනක් රෝහලට ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව හා කිතුල් උතුව අතරේදි සිදුවු වෑන්රථ හා ටිපර් රථ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි . 23 February 2024
කඳු තරණයට ගොස් වැටී මරුට ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරද්දී කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය. 23 February 2024
නාසා යානය සඳට ගොඩබායි ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි. 23 February 2024
කෝප්,කෝපා කමිටුවලට පණ දෙයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 24 ක් සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රී නාමාවලිය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කළේය. 22 February 2024
‘‘ඡන්ද කල් දමන්න ඉඩ දෙන්න එපා‘‘ වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා යැයි තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ අදපැවැසූහ. 22 February 2024
වන්දනා බසය පෙරළී 20ක් රෝහලේ මාතලේ සිට සිරිපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි නඩයක් රැගෙන මීට පෙරද බිහිසුණු අනතුරු රාසියක් සිදුවූ මේ වන විට බර වාහන ඇතුළු වීම තහනම් කර ඇති නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අරහා පෙරළී අනතුරට ලක්ව ඇත. 22 February 2024
කුරුණෑගල පිරමිඩ වංචාකාරයන්ට රටයාම තහනම් කරයි ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්’’ (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය. 22 February 2024
දරුණු අපරාධකරුවන් 13 ක් ඩුබායිවලින් අල්ලයි මෙරට සිදුවූ දරුණු ඝණයේ අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් 13 ක් ඇතුළු ශ්‍රී ලාංකකියන් 20 කට අධික සංඛ්‍යාවක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරුවන් අතර පසුගියදා බෙලිඅත්තේදී සිදුවූ සමූහ ඝාතනයේ සැකරුවන් ද සිටින බවත් එක්සක් අරාබි එමිර් රාජ්‍ය ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 22 February 2024
‘ගංගා’ හස්තායා ප්‍රබෝදමත්ව කොළඹ වාර්ෂික පෙරහැර මංගල්‍ය වන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට එම විහාරස්ථානයේ ස්ථිර පදිංචිකරුවෙක් වන ‘ගංගා’ හස්තායා ප්‍රබෝදමත්ව මේ දිනවල සූදානම් වෙයි. 22 February 2024
කුඩු පැකට්ටුවක් අධිකරණ සිර මැදිරියට විසිකර මාස හයක් හිරේ යයි විවෘත අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසි කළ විතානගේ දොන් එරංද පෙරේරා නැමැති සැකකරුවෙකුට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මාස හයක සිර දඬුවමක් නියම කළේය. 22 February 2024
ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට නිතීපති විරෝධය බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කරන ලදැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවරා ඇති නඩුව බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අභියාචනාධිකරණයේ ගොනුකොට ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා සිය විරෝධතාවය ප්‍රකාශ කළේය. 22 February 2024
කඩු පහරින් උණ්ඩ 46ක් හමුවේ උණ්ඩ සහ ගිනි අවියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු හා පිය පුතු දෙපළක අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් කඩු පහර කා තුවාල ලැබූ විශ්‍රාමික සෙබළාගේ නිවසේ තිබී උණ්ඩ 46ක් සමග එම සෙබළා අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි. 22 February 2024
අපේ ඉල්ලීම් ආණ්ඩුව ඉටුකරන්නේ නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයො වුවත් ඉල්ලීම් කළාට ඒවා නොලැබෙන බවත් ඒ නිසා මාධ්‍ය හරහා හරි තේරුම් කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (22) පැවසීය. 22 February 2024
සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 February 2024
හත් වැනි මහළින් වැටි 74 කත මරුට බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 22 February 2024
‘දෙදරු පියා අලි ප්‍රහාරයෙන් මරුට කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයෙ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 22 February 2024
මත් උරණ උපකරණ සමග සිසුන් දෙදෙනා මාට්ටු පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ මත්ද්‍රව්‍ය සහිත උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බව මාවතගම පොලීසිය පවසයි. 22 February 2024
“ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වන්න” ජනාධිපතිවරයා ගොඩනගාගෙන ඇති ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයට නැවතීමේ තිත තැබීම සඳහා ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්න දිනතම දිනයේ ජනාධිපතිවරණ පවත්වන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (22) පැවසීය 22 February 2024
ජරා සීනි කැව් ව්‍යාපාරිකයා මාස හයක් හිරේ මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි අලෙවි කළ ව්‍යාපාරිකයකු තඹුත්තේගම මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියම කරන ලෙස තඹුත්තේගම මහේත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය. 22 February 2024
වෙරළ රකින්න අලුත් වැඩක් අරඹයි ’’වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්’’ සැකසීමට රජය තීරණය කර තිබේ. 22 February 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026