

(ක්‍රිෂාන් ජීවක ජීවක ජයරුක්)
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඒ පිළිබඳව මාතර පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට හෙලි වෙමින් තිබෙන බව පොලීසිය කියයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවිය අපරාධ සදහා යොදා ගෙන ඇත්ද යන්න වීමර්ශනයක් ආරම්භ කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
උනැල්ලේ පදිංචි 28 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
118 ඉතා කාර්යබහුලයි, ඔවුන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ වී අපගේ පැමිණිල්ල බාර ගැනීමට අවශ්‍ය නැත. මේක දෙපාරක් වුණා