
(අමදෝරු අමරජීව )
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය කියයි.
මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ටි පුෂ්පරාසා මහතා පැවසීය.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය නාමයෝජනා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවද තම පක්ෂය සන්ධාන ගත වීමක් සිදු නොවන බවද ඒ මහතා කීහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීණාව නෙවෙයි උඩැක්කිය ගත්තත් වැඩක් නෑ. ඊළාම් නම් අයින් කරගන්නේ නැතිව. ඊළාම් සිහිනය ඇතුලේ තියාගෙන නටන තවත් සටකපටියෙක් තමයි මේ...!
දකුණේ ජනතාවට රාජපක්ෂලාව දැන් මාකර්ට් කරන්න බැහැ මෙන් උතුරට ඊලම් මාර්කට් කරන්නත් බැහැ... මිනිස්සු දැන් පුළුල්ව සිතන්න පුරුදුවෙලා... බෙදු වාදය හැර චන්දෙ දෙන්න වෙන විකල්ප තිබෙනවා , උතුරේ- දකුණේ සහෝදර සහෝදරියෝ එක්වමු බෙදුම් වාදය පරාජය කරමු , ජාතිවාදී අදහස් අපේ ඔලුවට දමල අපිව බෙදලා, කොමිස් ගහපු පරණ නාකි හොර දේශපාලුවෝ ගෙදර යවමු, බලාගෙන ගියාම උතුරේ ඔබට තිබෙන ප්‍රශ්න තමයි දකුණේ අපිටත් තිබෙන්නේ, අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය, ගමනා ගමන, පාස්පෝර්ට්, රියදුරු බලපත් වැනි එදිනෙද තිබෙන ප්‍රශ්න, අපට අවශ්‍ය පුරවැසි සැමගේ අයිතිය සුරකින අපිව එකට එකතුකරන ජාතීන් වශයෙන් නොබෙදන දේශපාලනයක් මිසක් අපිව බෙදන අප අතරේ නැති ප්‍රශ්න ඇතිකරන දේශපාලනයක් නොවේ..., සිංගප්පූරුව, ස්විස්ටර්ලන්තේ, වැනි විවධ ආගම් වලට අයත් ජාතින් විශාල ප්‍රමාණයක් ජීවත්වන කුඩා රටවල් පවා දියුණු වෙලා තිබෙන්නේ බෙදී වෙන්වී ගහමරා ගැනීමෙන් තොරව එකමුතුව ඉදිරියට යාමෙන් බව පැහැදිලි වෙනවා..!