පිස්තෝලයක් පෙන්වා රන්භාණ්ඩ අලෙවිසැල කොල්ලකාලා හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 10 May 2024
නීති විරෝධි දැව ගබඩාවක් පුත්තලමේදී වටලයි වසර ගණනාවක් නීති විරෝධි ලෙස කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය දැව ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැව තොගයක් අත් අඩංගුවට ගැනිමට පුත්තලම වන සංරක්ෂණ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද(10 ) සමත්ව තිබුණි. 10 May 2024
ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි. 10 May 2024
පළඟැටියන්, බත්කුරන් ඇල්ලු ඉතාලි පිය-පුතු රිමාන්ඩ් දුර්ලභ සතුන්ගේ ජාන ලබාගැණිම සදහා පළඟැටියන්, බත්කුරන්, ඇතුළු කුඩා කෘමි සතුන් සියයකට අධික ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටියදි යාල කටගමුව වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා වන ඉංජිනේරු සිසුවා ළබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා නියෝග කළේය. 10 May 2024
මව්පියන් අහිමි දරු දෙදෙනකුට විශාඛා දියණියගෙන් ශිෂ්‍යත්වයක් කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නුලාරා නෙලින්දී ඒකනායක රචනා කළ ‘පාස්කු දා තනිවූ සඳුනි’ පොත අළෙවියෙන් ලැබූ ආදායමෙන් ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයේ වින්දිතයන් වූ දරුවන් දෙදෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කළේය. 10 May 2024
මැණික් සොයා මහඑළිය රක්ෂිතය වනසලා කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසිය. 10 May 2024
පබ්පතාරාම ඉපැරැණි විහාරස්ථාන සංකීර්ණයක්-චෛත්‍ය නටඹුන් නාඋලින් හමුවෙයි වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසු පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටඹුන් නාඋල - බඹරගහවත්තෙන් හමුව තිබේ. 10 May 2024
පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය. 10 May 2024
තනි අලියා කසමඩුව ගම වනසලා මිහින්තලේ කසමඩුව ගම්මානයට කඩා වැදුණු තනි අලියකු, නිවාස දෙකක් සහ වී මෝලක්, වී ගබඩාවක් කඩා විනාශ කර දමා ඇති බව කසමඩුව ගම්වාසීහු පැවසූහ. 10 May 2024
හිටපු ජනාධිපති මෛත්‍රි ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය. 10 May 2024
ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක ඉදිරිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 10 May 2024
කාන්තා භට නිවාසයට බඩ ගෑ පී.සී අත්අඩංගුවට කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී නිදාසිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සෙසු නිලධාරිනියන් සමග එක්ව පොරබදා අල්ලාගෙන තිබූ බව වෙරළබඩ පොලිසිය කියයි 10 May 2024
ව්‍යාජ ලිපිලේඛන සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී මාට්ටු ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 May 2024
රත්තරන් මිල අදත් ඉහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 10 May 2024
සැරබීම හරිත මාවතෙන් පන්නද්දී මාට්ටු කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යමින් තිබූ විදේශීය නිෂ්පාදිත සැරබීම බෝතල සහ දුම්වැටි තොගයක් සමග, ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 May 2024
මූජිබර් දිවුරුම් දෙයි ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිමර් රහුමන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 10 May 2024
අහුන්ගල්ලේ ඝාතකයන් පැමිණි යතුරු පැදිය සොයා ගනී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් දෙදෙනා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදි සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 10 May 2024
වසර හතරකට පසු ඝාතන සුලමුල හෙළිවෙයි මිට වසර හතරකට පමණ ඉහතදි පහරදි ඝාතනය කොට වැසිකිළි වලකට දැමූ හිනිදුම,කපල්ල බටහිර ප්‍ර දේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනිමට හැකිවු බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 10 May 2024
වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 10 May 2024
පළාත් කිපයකට අදත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 May 2024
බාල බෙහෙත් සිද්ධියට බෙහෙත් සපයන්නෙකුත් ගන්න යයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලටත් සහභාගි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නාය. 10 May 2024
මුජිබර් හෙට දිවුරයි ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. 09 May 2024
ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දේපොළ රජයට දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්ලක් ද අක්මිමණ අංකොක්කාවල පිහිටි අක්කර එකයි පර්චස් අටක තේ සහ කෝපි ඉඩමක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින් සවස තහනම් කරනු ලැබීය. 09 May 2024
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය. 09 May 2024
ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ් තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(09) නියෝග කළේය. 09 May 2024
වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ලබන 20 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය. 09 May 2024
‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හිටපු පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (9) පැවසුවාය. 09 May 2024
දහතුන් වසරට අමාත්‍ය මණ්ඩල සංයුතිය 111 වතාවක් මාරු වෙලා ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 09 May 2024
මුජුබුර්ට දිවුරුම් දෙන්න පුළුවන්දැයි නීති තත්ත්වය විමසයි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ තවමත් සිටින මුජුබුර් රහුමාන් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් තිබේදැයි නීතිමය තත්ත්වය විමසීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. 09 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026