( ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක මුදලකට වෙන්දේසි වී තිබේ.
එම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පිංකම් මාලාව සංවිධානයකර ඇත.
ඒ අනුව ඉකුත් 27 හා 28 දෙදින රාත්‍රී මෙම පිංකම් මාලාව පවත්වා ඇති අතර එහි අවසාන දිනය වූ 28 දා රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන (මල්වට්ටිය) මෙසේ වාර්තාගත මුදලකට වෙන්දේසි වූ බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැවේ අනුරුද්ධ හිමියෝ පැවසූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.