
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන. කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ හා ආරක්ෂක නිලධාරීන් ආදි විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දී ඇතැයි රජය පවසයි .
එකී හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දීම සඳහා මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන අතර, වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීම පිණිස, යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක්, මාස දෙකක් තුළ ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අධිකරණ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සහා පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කේ.ටී. චිත්‍රසිරි -(සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨායිකරණ විනිසුරු
ඩී.දිසානායක මහතා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
ජයන්කා සී.ටී. බුළුමුල්ල මහත්මිය විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති එම කමිටු සාමාජිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධික වරප්‍රසාද වල අත් ඉති කපලා කඳ විතරක් ටිකක් තිබ්බම ඇතිවෙයි. එයාලත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් ලෙසයි සැළකිය යුත්තේ . නැත්නම් රටට මහා බරක්.
සළකා බලන්න දෙයක් නැ මහමහත්තයෝ ඕව අයින් කරලම දාන්න ඕන.කම්බ හොරු
මුන්ට. හොරා කන්න. ඉටපස්සෙ ජනතාව බඩට නොකානොබිමුන්ව ආරක්ශා කරන්න සැපට ඉන්න ජනාවට ඒ බර පටවන්න නීතියෙන් තහනම්. ජනතාවට මුන් මොනවද කෙරුවේ කරන්නෙ. ඕනම දෙයක් කර ගන්න මුන්ට කඩේ යන්න ඕන පගාව දෙන්න ඕන මහ එකත් එහෙමයි ඉට පහල ඉන්න උනුත් එහෙමයි. මුන් හිතන් ඉන්නෙ මුන් අපිට කන්නබොන්න දෙන ගාට. මොවුන්ගේවැටුපෙන්. මේ සේරටම්. මුදල් වෙන් කර ගන්න. ඒ වාගේමපැරදිලාගිය හොරුන්ට දඩුවම් දෙන්න ඕන අනිවාර්‍යෙන්. සේවය කරන්නෙ. පව්ලෙන්. පිරිමියා හෝගැහැනිය එතකොට වරපරසාද. දෙනා. දෙන්නාටම දරුවන්ට පව්ලේ. නැදැයින්ටත්. ජනතාවට මොලේඅමාරුවක් නැහැ හොරුන්ට තම මුදලින් සැප දෙන්න අපිටත් දරුවෝ ඉන්නවා අපේදරුවන්. ලොකු රටකටයන්න ලක්ෂ ගණන්. හොයා ගන්න ඕනෑ මොවුන්ගෙ දරුවන්ට ඕන රටකට යන්න පුලුවන්. ඒක පුදුමදීමනාවක්නේ. අපේ දරුවෝ හිගන්නෝද. මේ සේරම නතර කරන්න. මැතිවරනපොරොන්දු. අනුව ජනතාව පාරට බහින්නකලින්. මොවුන්ගෙ වත්කම් වලින් දෙන වැටුපෙන්. ඔවුන්ගෙආරාක්ශාවහදා ගන්න කියන්න දේශ පාලනය කරලා අයින් වෙන්නෙ නැහැ. එන්නෙ මිනි මරලා ක්ප්පම් අර්න් හිතුවටහොරාකාලා. ගෙදරෛන්න බයයිද. කිසිම කෙනෙක්ව මින් මත්තට ජනතාව නඩත්තු කරන්නෙ නැහැ. නිතිය ක් හදලාගැසට් කරන්න.
චිත්‍රසිරි ට 71! මාස්ටර් එකට ගෙව්වේ රජය. නාමල් පස්සේ අන්තිමට හිටියේ. ඊට කලින් සිරිසේන...
මුලින්ම කිව්වේ ඔක්කොම අවලංගු කරනවා කියලා. දැන් මේගොල්ලන්ටත් රහ වැටිලා වගේ...
හැම වරප්‍රසාදයක්ම භුක්ති විඳගෙන සුවසේ, සැපසේ හිටියා විතරක් නොවෙයි, මහාපරිමාණ, හොරකම් වන්චා, දූෂණ, නාස්තිය කරලා, රටම හොරාකාලා කාබාසිනියා කෙරුවා... ජනතාවට සේවය කරන්න කියලයි එන්නේ, දූෂිත දේශපාලුවන්ට කිසිම සහනයක් නොදිය යුතුමයි...
ඔහේ පලයන්. පුදපු ගමන් කාපි යකා කිව්වලු. ඡන්ද රැස්වීම් වලදී නම් " විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හෝ මැතිඇමැති වරුන්ට දීලා තියෙන ආණ්ඩුවේ නිවාස ආපහු ගන්නවා. විශ්‍රාම වැටුප් දෙන එක නවත්වනවා. ආණ්ඩුවේ වාහන දෙන්නේ නෑ. මුරකාවල් දෙන්නේ නෑ. සේරම අපි බලයට ආව දවසේම නවත්වනවා" කියලා කිව් බවයි අපට නම් මතක. මිනිස්සු ඒ කතා අහලා තමයි ඡන්දේ දුන්නේ. නැතුව මාර්ක්ස්ගේ පොත් කියවලා නම් නොවේ සහෝදරයා. ඒ බව අමතක කරලා වැඩකරන්න ගියොත් මහඡන්දෙදි හුප්පේ තමයි ඉතින්...!
සමන්ත විද්‍යාරත්න කියපු විදිහට අලුත් ආණ්ඩුවේ තීරණ දැනුම් දීම තව මාස 2කට කල් ගිහින් රනිල්ගේ කමිටු සිස්ටම් එක තාම වෙනස් වෙලා නැහැ. මහජන අනුමැතිය දුන්නේ අහෝසි කරන්නට... සියල්ලන් එන්නේ මහජන සේවයට නම් සැප මොකටද?
සේනාධිනායකයගෙ ආරක්ෂාව වාහන වරප්‍රසාද අඩුකරනවනම් හමුදාවෙ අයගෙත් අඩු කරන්න ඕන.හමුදාවෙ ඉහළ නිලධාරීන්ට තියෙන වරප්‍රසාද ඇමතිලටවත් නෑ.ඒක වෙනම ලෝකයක්.
මැතිවරණය වේදිකාවල පුණ පුණා කියලා ජනතාවගේ සිත් පැහැරගෙන දැන් ජනාධිපති, ඇමැති, මන්ත්‍රී දුක් අඳෝනා ගලාගෙන එනකොට දුක හිතිලද..? එහෙම වුණොත් මිනිස්සු කියයි, උනුත් එකයි මුණුත් එකයි කියාවි..
අනෙක් අයට ආරක්ෂාව නොදුන්නත් මහින්ද රාජපක්ෂ මහතාට, ගෝඨාභය රාජපක්ෂ මහතාට, සරත් ෆොන්සේකා මහතාට අනිවාර්යයයෙන්ම ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න ඕන.මේ රටේ අවු 30 ක් තිස්සේ තිබුණ දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් සහ යුද්ධයක් ඉවර කරන්න නායකත්වය දීපු තිදෙනෙක්. ඒ අයට තමයි වැඩිපුරම තර්ජනය තියෙන්නේ.
මහජන සේවයත් රාජ්‍ය සේවයට අනුයුක්ත කරලා රාජ්‍ය සේවකයෙකුට තියෙන වරප්‍රසාද පමණක් දෙන්න. 60න් විශ්‍රාම ගන්වන්න..