නැගෙනහිර මුහුදේ අනතුරක්
මඩකලපුව ප්රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් තිදෙනකු බේරා ගත් බවත් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.