
(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මියගිය පොලිස් නිළධාරීයා දින තුනක කාලයක් නිවාඩු ලබා සිට සිය පියා බැලීම සඳහා තුම්මෝදර දඹෝර ප්‍රදේශයේ නිවසට ගොස් යළි හඳපාන්ගොඩ ප්‍රදේශයට යන අතරතුර එම නිළධාරීයා ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ප්‍රපාතයකට පෙරලීමෙන් බරපතල තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ මෙනේරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පාදුක්ක පොලිසියට අනුයුක්තව කටයුතු කළ 56959 පොලිස් සැරයන් වජිර ප්‍රියාන් නැමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයාගේ දේහය පාදුක්ක දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යාමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය හෙට (10) දින සිදු කිරීමට නියමිතය.
පාදුක්ක පොලිසියේ රථවාන අංශය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට