(නිමල කොඩිතුවක්කු සහ ටී කේ ජී කපිල )
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
ඒ අනුව එහි නව සභාපති ලෙස සරත් ගනේගොඩ පත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
මෙයට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බුද්දික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් ගුණතිලක, ඩී. අරන්දර, ආනන්ද අතුකෝරල, ලක්මාල් රත්නායක, ඒ. නිරන්ජන් යන මහත්වරුන් පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණය සදහා කටයුතු කරන අවස්ථාවේ රාජ්‍ය ආයතන සදහා පත්වීම් දෙන්න පුළුවන්ද කියලා කියන්න ඇත්තටම විශ්‍රාමිකයින් සදහා අනුමත දීමනා නොගෙනාවනම් මෙහෙම පත්වීම් දෙන්නෙ කොහොමද? වෙනත් ජනාධිපති කෙනෙක් හිටියනම් උතුරු මැද භාගයේ කෙනා නැට්ට උස්සගෙන එනහැටි මැවිල පේනවා
පාලකයිනි,ඒ වගේම දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් අලුත් අය පත්කරන්න.දැන් ඉන්න සභාපතිගේ වයස අවුරැදු 81 යි.හිටපු විලී ගමගේ ආණ්ඩුකාරයාගේ උපදේශක සුනිල් දහනායකත් එදා සිටම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ඉන්නවා දකුණු පළාතේ දැන් ඉන්නේ 13 වන ආණ්ඩුකාරතුමා. නමුත් ආණ්ඩුකාරවරැ 11 දෙනෙකු යටතේ වයස 30 කට වැඩි කලක් ඔය කොමිෂන්සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කල 4 දෙනෙක් තවමඉන්නවා. ඉන්න හැමෝම වයස 70 ඉක්මවපු කට්ට්ය. පට්ට දූෂිතයො ටිකක්. ඊලග මැතිවරණයට පෙර කඩිනම් විසදුමක් අවශ්‍ය්‍යි.සභාපතිගෙ මාසික ආදායම ලක්ෂ එකයි අසූ දාහ ඉක්මනවවා.වයස 60 විශාහ ටව රජටේ සේවකයා ගැන බලන්න මෙහෙම වයසක උදවිය මොකටද.
එය කළහැකි වෙනවා. ආයතන පවත්වාගෙන යාමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කලහැකි වෙනවා . ප්‍රතිපාදන අනුමැතිය තමා ප්‍රශ්නය .එයද ජනපති අරමුදලින් වෙකරන්න පුළුවන් තාවකාලිකව .
මෙම පත්වීම් කරන්න පුළුවන්...
ඔයා නැට්ටත් උස්සාගෙන, ගොමත් හල හලා උම්බෑ ගානවිට නම් හරිම සිරියාවයි...!
තවත් රාජපක්ෂ කෙනෙක් ශ්‍රී ලංකන් එකට ආයෙත් හොට දාලා..! මැදමූලන කල්ලියේ සගයෙක්ද කියා දන්නේ කවුද? පරිස්සමින් ඔය රාජපක්ෂලා කිට්ටුකර ගන්නේ. ඒ වුණත් හැමෝම එක වල්ලෙ පොල් වෙන්නත් බෑ..!
රටම පාලනය කරන්න ඉන්නේ තුන්දෙනයි. මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයටම අට දෙනෙක්. අව්ල කොහේද? ආයිත් පරණ නාට්‍යයද පටන් ගන්න හදන්නේ...