
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
ඇයගේ වත්කම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කින් ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් බවත් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කළේය.
මීට පෙර ලොව ධනවත්ම ගායිකාව ලෙස කිරුලු පැළඳ සිටි රිහනා පසුකර යාමට එරාස් සංගීත ප්‍රසංග මාලාව ලැබූ සාර්ථකත්වයත් සමග ටේලර් ස්විෆ්ට්ට හැකිවී ඇතැයි එම සඟරාව පැවැසුවේය. සුපිරි ගායිකා රිහනාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.
මේ වනවිට ලොව ධනවත්ම ගායිකාවන් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය මැඩෝනාටත් සිවුවෙනි ස්ථානය බියෝන්සේටත් හිමිව ඇත. ඔවුන්ගේ වත්කම පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 850 ක් සහ 760 කි. එසේම එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය සුපිරි ගායිකා සෙලීන් ඩියෝන් හිමිකර ඇති අතර ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 550 කි.
ටේලර් ස්විෆ්ට් ගායිකාවක් මෙන්ම ගීත රචිකාවියක්, නිළියක් සහ ගීත නිෂ්පාදිකාවක්ද වේ. එරාස් සංගීත ප්‍රසංග මාලාව ලබා ඇති සාර්ථකත්වයත් සමග ඇයගේ වත්කම එළැඹෙන වසරේ තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’