
(නිමල කොඩිතුවක්කු)
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට ත්‍රී රෝද රථ ගාස්තු රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශය පවසයි.
පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100 ගාස්තුව වෙනස් නොවන අතර දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රුපියල් 85ක් දක්වා අඩු කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය
බස් රථ පරීක්ෂා කරන නිලධාරින් යොදවා වැඩිපුර ගාස්තු අයකරන ත්‍රීරෝද රථ පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වට කියන්න වචන නෑ...
පුළුවන් තරම් ත්‍රී රෝද භාවිතය අඩු කරන්න .පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කරමු .මෙයින් හුඟක් සමාජ දූෂණ වෙනවා
මේවයෙ වංචනික විදියට මීටරේ මිටර් 800 යනකොට කිලොමිටර් 1ක් වැටෙන හැටියට කැරකෙන්න මීටරේ හදලා තියෙන්නෙ ! මේ හොරු අල්ලා දඩුවම් දෙන්න ක්‍රම වේදයක් හදන්න
කොහෙද මේ ගානට දුවන්නේ .හැම තැනම කොපමණ දුර ගියත් අයකරන්නේ 100 ම තමා .හැම තැනම පාරිභෝගිකයා සූරා ගෙන කනවා .මාසික වේතන ලබන මිනිහට කිසිම දෙයක් අඩු වෙන්නේ නෑ