
(රෝෂන් තුෂාර)
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (09) නියෝග කළේය.
හිටපු ගුවන් හමුදා සෙබලෙකු යැයි කියන ගාල්ල පුහුල්හේනේ පදිංචි ඒ .එච්.ඒ ගුණවර්ධන නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඉකුත් 07 දින කොළඹ ටෙක්නිකල් හන්දියේදී ඉන්ද්‍රාණී මල්කාන්ති නැමැති 32 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුව ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කෙසෙල් වත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd