
(හෙන්රි ලයනල්)
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය කඩයට විකුණූ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
පසුව එම මුදල ලබා ගැනම සඳහා පොලිසියට ගොස් පොලිසියේද මැදිහත්වීම මත එම මුදල ලබා ගෙන ඇත.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ විවාහක තම මුදල් අවශ්‍යතාවයක් මතු වූ විය. එම දියණියගේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවත් පියාත් සාකච්ඡා කර ඔවුනට අයත් ඉඩමකින් කොටසක් විකුණා මුදල් ලබාදීමට තීරණය කළහ.
ඒ අනුව එම ඉඩම් කොටස විකුණා එම දෙපළ රුපියල් පහළොස් ලක්ෂයක් ලබා ගත්තේය.
එම මුදල ආරක්ෂාක ස්ථානයක තැබීමට බාර වී ඇත්තේ භාර්යාවටය. රටේ පවතින තත්ත්වය අනුව ඒ මුදල කොතැනක සඟවනවාදැයි එදින රාත්‍රියේ කල්පනා කළ ඇය අවසානයේ තම ස්වාමියාටත් නොදන්වා රුපියල් ලක්ෂ පහළව සිලි සිලි මල්ලක ගැට ගසා නිවසේ තිබූ අඩක් වී පිරවූ ගෝනියක් තුළ සඟවා නින්දට ගොස් ඇත.
පසු දින උදයේ ඇය උයා පියා ගේදොර අතුපතුගා තරමක් දුරින් පිහිටි අසල්වැසි නිවසකට අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබේ.
මේ ආරක්ෂාව ගැන නොදන්නා ස්වාමියා අවදිවී මුහුණ කට සෝදාගෙන උදය ආහාරයද ලබාගෙන මුදල් රැගෙන යෑමට එන දියණියට හොඳට කන්න බොන්න දෙන අදහසින් නිවසට අවශ්‍ය දෑ ගෙන ඒමට වී ටිකක් විකිණීමේ අදහසින් අඩක් පුරවා තිබූ වී ගෝනිය ප්‍රමාණවත් යැයි සිතා එම වී ගෝනිය තම යතුරුපැදියේ තබාගෙන ප්‍රදේශයේ වී කඩයකට ගොස් විකුණා ඇත.
ඉන්පසු ඒ මුදල් ලබාගෙන වෙළඳ සැලකට ගොස් අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගෙන එන අතරවාරයේ නිවසින් බැහැරව සිටි බිරිය නිවසට පැමිණ ස්වාමියා කොයිදැයි බලන විට නිවසේ නොසිටි නිසා නිවස අසල නිවැසියන්ගෙන් විමසීමේදී ඔහු වී මිටියක් අරගෙන යතුරුපැදියෙන් ගිය බව පවසා ඇත.
ඒ සැණින් නිවසට දිවගිය ඇය තමා මුදල් සැඟවූ වී ගෝනිය තිබේදැයි විපරම් කර ඇත. ඇයට දෙවියන් සිහිවුණි.ස්වාමියා රැගෙන ගොස් ඇත්තේ තමා මුදල් සැඟවූ වී ගෝනිය බව දැනගත් ඇය ස්වාමියා ගිය මඟ දිග පිස්සියක මෙන් දිව යන අතරමගදී ස්වාමියා හමුවී ඇත.එහිදී භාර්යාව ස්වාමියාට දොස් නගමින් මුදල් සඟවා තිබුණේ ඒ වී ගෝනියේ බව පවසා ඇත. මේ වනවිට කාලය පැය කීපයක් ගත වී ඇත.
දෙදෙනාම ආපසු වී කඩේට ගොස් ඒ බව පවසා මුදල් ඉල්ලා ඇතත් ඒ ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ගෙනා වීමිටිය තවම වී ගොඩට හැලුවේ නැති බවත් වී කඩේ බලධාරීන් පවසා තිබේ.
තමන් ගෙනා වීමිටිය ලෙහා ඇති බව දැනගත් ඔහු මුදල්ටික ආපසු දෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියත් පලක් නොවූයෙන් එම දෙපළ අවසානයේ හිඟුරක්ගොඩ පොලිසියේ පිහිට පතා ඇත.
එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ හිඟුරක්ගොඩ පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්ෂණ හා හරස් ප්‍රශ්න කිරීම් හේතුවෙන් එම මුදල සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
Perera Thursday, 10 October 2024 05:29 AM
පිස්සන්ට බෙහෙත් තිබුනත් මෝඩයින්ට බෙහෙත් නැහැ
Lalith Thursday, 10 October 2024 12:19 PM
මෙතෙක් බෙහෙතක් සොයාගෙන නැති රෝගයෙන් පෙළෙන කෙනෙකුට වුණත් රටේ පාලකයෝ පත්කිරීම සඳහා ඡන්දය පාවිච්චි කරන්න අයිතිය තියෙනවා නම් රට අවුරුදු දාහකින්වත් සංවර්ධනය කරන්න බැරිවේවි..!