
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත්‍රික් ලොකු ලූනු ගොවීහු චෝදනා කරති.
ආනයනික ලූනු වැඩි කිරීමේ සම්පූර්ණ වාසිය ලූනු තොග රැස් කරගෙන ඇති අතර මැදි ව්‍යාපාරිකයන්ට සහ විදේශීය රටවලින් ලොකු ලූණු ගෙන්වන ව්‍යාපාරිකයන්ට ලැබී ඇතැයි මාතලේ දිස්ත්‍රික්ක ලොකු ලුණු ගොවීහු චෝදනා කරති.
දේශීය ගොවීන්ට සහනයක් බලාපොරොත්තුවෙන් රජය විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් විස්සක විශේෂ බද්දක් පනවන ලදී ,
මෙම බදු මුදල පැනවීමට පෙර ලොකු ලුනු කිලෝවක විකුණුම් මිල රුපියල් 180 - 230 බව ගොවීන් පෙන්වා දෙති.
එහෙත් බදු මුදල පැනවීමක් සිදුකළ ද දේශීය ලොකු ලුණු මිලෙහි කිසිදු වෙනසක් මේ වන තුරුත් සිදු වී නොමැති අතර වීදේශ රටවලින් ලොකු ලූණු ගෙන්වා ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයන්ට එහි සම්පූර්ණ වාසිය හිමිවී තිබෙන බවත් පෙන්වා ගොවීහු පෙන්වා දෙති.
දේශීය ලොකු ලුණු ගොවීන් කියා සිටින්නේ මේ වන විට දේශීය ලොකු ලුණූ ගොවීන් ළඟ ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බවය, අනෙක් සියලු ලොකු ලූනු අඩු මිල ගණන් යටතේ අතරමැදි ව්‍යාපාරිකයන් ලබාගෙන ඒවා ගබඩාකොට බදු මුදල පැනවීමත් සමඟ ඔවුන් ඉහළ මිලකට අලෙවි කිරීමේ ජාවාරම මෙම කන්නයේද සුපුරුදු ලෙස ක්‍රියාත්මක කරගත් දෙයක් බවය.
මෙවර ද නව රජය සිදු කළේද පැරැණි ක්‍රමවේදය හරහා අතරමැදි ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයක් ඉටුකර දීම පමණක් බව ගලේවෙල ප්‍රදේශයේ දේශීය ලොකු ලූණු මහා පරිමාණයෙන් වගා කරන එස්. ඒ. රතනපාල මහතා චෝදනා කළේය.


2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
යෝගා Wednesday, 09 October 2024 05:19 PM
කෝ මේ නාමල් කරුණාරත්න? පේන්නවත් නෑනේ...
SAMAN Wednesday, 09 October 2024 07:20 PM
නාමල් කරුණාරත්න දැන් JVP පක්ෂයේ නොවේ. ඔහු මාලිමාවේ?
fairoos Wednesday, 09 October 2024 05:59 PM
එහෙනම් ඉතින් ගෝඨාභය වගේ බදු අඩුකරන්නද කියන්නේ?
Lalla Wednesday, 09 October 2024 08:07 PM
දේශීය ලොකු ලූනු සිල්ලර මිල 300-320/= ඉතින් මීටත් ඉහළ මිලටද පාරිභෝගිකයින්ට ගන්න කියන්නේ. උසස් තත්ත්වයේ ආනයනය කළ ළූණු 280-300/= මිලට තිබුණා. දේශීය කියලා මහජනතාව සූරාකෑම වැරැදි නේද?
ravin Wednesday, 09 October 2024 09:38 PM
මෙම වාර්තාව කියවීමෙන් පසු එක්තරා රූපවාහිනී නාලිකාවකින් දුටුවා.. ලොකු ළූණු සිල්ලර මිල කිලෝවක් රුපියල් 290 ලෙස. ප්‍රචාරය කරන සුපිරි වෙළෙඳසැල් ජාලයක වෙළඳ දැන්වීමක්.
සෙනෙවිරත්න Thursday, 10 October 2024 06:54 AM
මේක කල්තියාම කලයුතු දෙයක්, ලූනු ගලවල වෙළඳපොලට දානකොට කියනව මිලක් නැහැ කියල, ඔය කියන විදියට ලූණු බද්ද පනවන්න අවශ්‍ය වන්නෙ මීට සති දෙකකට කලින්, ඉදිරියට මේවගේ නොවන්න රජයත් ගොවියනුත් කටයුතු කල යුතුයි, මේක සදාකල් ප්‍රශ්නයක්.
Nishan Thursday, 10 October 2024 09:26 AM
කෝ මේ මාලිමාවේ ආර්ථික උපදේශක ආචාර්ය, මහාචාර්යවරු?