IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් අතට පත්ව ඇතැයි මව්පියෝ පිරිසක් චෝදනා කරති.

ප්‍රශ්න පත්‍ර පිටවමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට උපදෙස් දුන් බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඊයේ(09)

දින පැවසිය. උතුරු මැද පාසල්වල 10 වන ශ්‍රේණියේ සිසුන් සදහා පෙරේදා(08)දින විද්‍යා විෂය සදහා පාසල් වාර විභාගය පැවති අතර ඊයේ

(09)දින තොරතුරු හා සංනිවේදන විභාගය පැවැත්වුණි. එහෙත් මෙම විභාගය පැවැත්විමට පෙර ඉහත ප්‍රශ්න පත්‍ර දෙකම පොළොන්නරුව හා හිගුරක්ගොඩ යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරු විසින් එම ගුරුවරු තමන්ගේ උපකාරක පන්ති සදහා සහභාගි වන සිසුන්ට ලබාදි ඒවාට පිළිතුරු ලියවා ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.

මෙම ප්‍රශ්න පත්‍ර දෙක විභාගයට ප්‍රථම උපකාරක පංති පවත්වන ගුරුවරුන් අතට පත්ව තිබු බව තමන්ටද ලද තොරතුරුවලින් තහවුරුවු බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි ලංකා ගුරැ සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් තමන් සාක්සි සහිතව උතුරැ මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අධ්‍යක්ෂකවරයාට ඊයේ(09)

දින පැමිණිලි කළ බවත් හෙතෙම පැවසිය.



අදහස් (0)

රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site