(නිමල කොඩිතුවක්කු)
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී පැවසීය.
නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.
150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට පැවති රජය තීන්දු ගත බවත් නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම තැපැල් කාර්යාල ඉහළ සංචාරක ආකර්ශනයක් ඇති පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර ඇති වසර 130ක් ඉපැරණි යටත් විජිත යුගයේ ආරම්භ කළ වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකි.
නුවරඑළිය තැපැල් ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයෝ පසුගිය කාළ වකවානුවේ අඛණ්ඩ විරෝධතාවල නිරත වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.