ඥානසාර හිමි වසර හතරක් හිරගෙට ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය. 28 March 2024
ගෙවත්තේ තණකොළ කපමින් සිටි අයෙක් ලොරියට බිලි යාපනය පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකඩ කඩාවැදීමෙන් ගෙවත්තේ සිටි වයොවෘද්ද අයෙකු ලොරියට යටවී මිය ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පැවසීය. 28 March 2024
සටන් පාඨ නැති විපක්ෂය බොරු පැළ කරනවා විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 March 2024
ලේඛනගත පාතාලයෝ 10 ක් අල්ලයි පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවෝ 10 ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබූහ. 28 March 2024
ඉබ්බා කපා කොටා මරා දමලා ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ පබිලිස් කඩේ අසලදි අද අලුයම තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝා.තනය කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 28 March 2024
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර,දකුණ, සබරගමුව,මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 March 2024
අගමැති චීන ජනපති හමුවෙයි චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි. 27 March 2024
ඇමෙරිකා පාලමේ හැපුණු ඩාලි හසුරුවා ඇත්තේ පළපුරුදු නැවියන් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණු ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි ඩාලි නම් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව හසුරුවා ඇත්තේ බැල්ටිමෝර් වරායේ සිට නෞකාවක් යාත්‍රා කරවන විට හමුවන බාධක මගහරවා ගනිමින් නෞකා යාත්‍රා කරවීමට විශේෂ පුහුණුවක් ලැබූ ඇමෙරිකානු නාවිකයන් පිරිසක් බව මේරිලන්ඩ් ප්‍රවාහන ලේකම් පොල් වීඩ්ෆෙල්ඩ් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 27 March 2024
පොහොට්ටුවේ විනය කමිටුවට නීතිඥයන් 7 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය. 27 March 2024
මුලතිව් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ රිය අනතුරකින් මරුට මුලතිව් ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ගමන්ගත් කැබ් රථය අද (27) සවස ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පැවසීය. 27 March 2024
සහල් - ලොකු ලූණු බද්ද අඩු කරයි ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. 27 March 2024
ගිනුම් හයකින් කෝටි අටක් වංචා කරලා බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් මිලියන 84 ක් වංචා කළ බව කියන සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2024
පුත්තලම සම්බන්ධීකණය ලොක්කෝ වර්ජනයේ රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේයැයි විරෝධය කළ කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම්වරුන් සහ ආයතන රැසක ප්‍රධානින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් එහි කටයුතුවලට අද (27) බාධා විය. 27 March 2024
කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 8 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 27 March 2024
පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 March 2024
දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) ප්‍රතික්ෂේප කළේය. 27 March 2024
’’වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු කරනවා’’ වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 27 March 2024
නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්ෂය පැවසීය. 27 March 2024
කථානායක ජිනීවා යයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වැනි සමුළුවට සහභාගී වූහ. 27 March 2024
රාජ්‍ය ඇමතිනියට රූපවාහිනියෙන් නඩු දාන්නයයි නවගමුව පෙරහර සජීවී ලෙස විකාශනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි රාජ්‍ය අමාත්‍යවරියට එම හිග මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් තවමත් එම මුදල ගෙවා නැතැයි ජාතික රූපවාහිනි සංස්ථාව පවසයි. 27 March 2024
කෝටි දෙදාහක් ඉතිරි කරගන්න මැතිසබා කමිටුවෙන් යෝජනාවක් කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය. 27 March 2024
වමනය-පාචනයෙන් අඹුසැමි යුවළ මරුට අගලවත්ත වඳුරබ්බ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැමියා නිවසේදීත් බිරිඳ රෝහල් ගත කිරීමෙන් පසුවත් මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 27 March 2024
මීගමුවෙන් ගණිකාවන් 150ක් අල්ලයි මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි. 27 March 2024
පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් ජපානයට පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ 27 March 2024
නිවිමෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක් නිවිමෝනියාව සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේදී අද (27) දා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙිදි පෙනහල්ලේ තිබිි දතක් හමුවී ඇතැයි කියයි. 27 March 2024
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළාය. 27 March 2024
රෑට දඩ ගෙවන්න ඇරලා තියෙන තැපැල් හල් මෙන්න දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2024
සූර්ය බලාගාර පහක් එයි අම්පාර,හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. 27 March 2024
ශබ්ද දූෂණය මට්ටු කරන්න රෙගුලාසි ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍යංශයේදී අමාත්‍යවරයාට බාර දෙනු ලැබීය. 27 March 2024
මිරීයබැද්ද නාය අවදානමක් කොස්ලන්ද මීරියබැද්ද බැද්දවත්ත ප්‍රදේශයේ අද (27) යම් නාය යාම් තත්ත්වයක් යළිත් ඇතිව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025