
(සුමිත් පොතුපිටිය)
අප කෙරෙහි අනුකම්පා කර ඡන්ද ම ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේය.
පානදුර කළුදෑවල ප්‍රදේශයේ පැවතී පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.
අප ඊළග දශකයේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යනවිට පාක්ෂිකයන් කලකිරුනා. ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ.
ඒ නිසා මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න. එහෙම වුණොත් කිසි කෙනකු දේශපාලන වශයෙන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් ලැබේවි කියා මට විශ්වාසයක් තිබෙන බවද ඒ මහතා පැවසීය.
මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතා ට ඊළග අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කව්ද කියලා. රනිල් වික්‍රමසිංහ ද ? නාමල් රාජපක්ෂ ද ? සජිත් ප්‍රේමදාස ද ? කියලා. එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි . ඔහු සහ ඔහුගේ කණ්ඩායමමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ යාමෙන් බේරෙන්න කරන අවසන් උත්සාහය...
මේ අයට අනුකම්පා කරලා ආයෙත් කෙළවාගන්න කියලයි මෙයා අපිට කියන්නේ... මේ අයට ආයෙත් පාර්ලිමේන්තු එන්න දෙන්න එපා.
නාමල් ඔබ තරුණයකු හැටියට තෝරගෙන තියෙන්නේ දේශපාලනය. ඒක බොහෝම හොඳයි. නමුත් දූෂණයට, වංචාවට තිත තියන්න කටයුතු කළ යුතුයි. දේශපාලන, ඥාති හිතවත්කම් වැනි සම්බන්ධකම් නිසා එවැනි දේවලට ඔබ නිහඬව සිටිනවා නම් අනුබල දෙනවා නම් එවැනි දේවල් වළකාගන්නට කටයුතු කරන්නේ නැතිනම් ඔබට දේශපාලනයේ අනාගතයක් නැති බව සිතට ගන්න. ඔබට සුබ පැතුම්...!
හොඳටම වැටිලා...!
අනුකම්පා නොකෙරේ - භූමිකම්පා කෙරේ.
කළගුණ සැලකුවා එක ඡන්දෙක.. ජාතිය බේරගත්තා ඊළඟ එකේදී.. දැන් අනුකම්පා කරන්නලු.. මේක ඡන්දයක්.. දේවාලයක් හරි, උසාවියක් හරි නෙමේ.. අනුකම්පාවට ඡන්දෙ දෙන්න.. මෙයාට අනුකම්පා කරලා ඉතුරු ටිකත් කන්න දෙන්න.
පොහොට්ටුවෝ, සිලින්ඩර් කාරයෝ, ඇත්ගොව්වෝ සදහටම ලංකා දේශපාලනයෙන් අතුගා දමන්න මෙන්න හොඳම අවස්ථාව.. නාමල් හිතාගෙන ඇති එයා හොඳ දේශපාලකයෙක් කියලා. පොහොට්ටුවෝ ජනතාව හිඟන්නෝ කරලා ඔවුන් සාපේ වින්දා...!
"විෂ ගෝර සර්පයා අත් නෑර මෝඩයා" කියලා කියමනක් තියනවා! හරිද මන්දා!
අපේ බදු සල්ලි කෝටි ගණන් පිල්ලි ගහපුවාට (ක්‍රිශ් ඇතුළු), ලසන්ත තාජුඩීන් එක්නැලිගොඩ වැනි සියගණන් ඝාතනයට, රටම ආර්ථිකය බංකොලොත් කළාට, ඔක්කෝම හිරේ ගියාම අනුකම්පා කරන්නම්. මීට බදු ගෙවලාත් කෙලවලා ඉන්න මහජනයා..!
දෙකයි පනහත් නැති වෙන බවයි පේන්න තියෙන්නේ - මොනවා කරන්නද අප්පච්චිලා, බාප්පොච්චිලා කරපු තක්කඩි වැඩ වලට වන්දි ගෙවන්‍න වෙන්නේ දරුවන්ට!
පාරේ වැඩිවෙලා හිඟාකන්න තමයි වෙන්නේ...!
මේ ගොල්ලෝ හුඟක් බයවෙලා ඉන්නේ. කිසිම රස්සාවක් නොකර අයියලා මල්ලිලා තුන්දෙනා මහා ධනස්කන්ධයක් හිමිකර ගත්තේ කොහොමද කියලා බලාගන්න පුළුවන් මෙයාලා ගැන විගණනයක් පටන් ගත්තාට පස්සේ...
ජනතාව ඔහෙටයි, ඔහෙගේ අප්පුච්චා, බාප්පුච්චලා ඇතුලු හැතිකරේටම උපරිමේටම අනුකම්පාකරලා තියෙන්නේ. නැත්නං මේ වෙනකොට ඔහෙගේ සනුහරේ එකෙක්ගෙවත් කෑල්ලක්වත් හොයාගන්න නෑ. ඒක විතරක් තේරුම් ගන්න.
බොඩිගාඩ්ලා, හෙන්චයියෝ නැතුව කැන්වසින් ආවොත් සලකලා බලන්නං කොහොමද අනුකම්පා කරන්නේ කියලා...?
අනේ මහතුනේ මටවන් දුක බලලා සෙනෙහෙසිතින් අනුකම්පා උපදවලා පිනට යමක් දෙනුමැන මගේ දුක බලලා...
රට වැසියනි, ඔබේ අවධානය පිණිසයි...!
මේ වගේ වයිරස් ඔබගේ ජීවිතවලට ළංකර ගන්න එපා. මෙයා කරන්න දන්න දෙයක් නෑ...!
දුක්මහන්සියෙන් හම්බකරපු ජනතාවගේ සල්ලි වලින් සුර සැප අරන් දැන් ඉන්න අමාරු ඇති සැප නැතිව. මකබෑවිලා හැඳිගෑවිලා පලයල්ලා. රටේ ජනතාවට තාම නැගිටගන්න බැහැ. මිනිසුන්ව වට්ටපු අගාධයෙන් තව ලැජ්ජා නැතිව අනුකම්පා කරන්නලු. පාරටම වැටිලා හිඟාකාපල්ලා මැරෙන්න කලින්. එතකොට තේරෙයි මිනිස්සු මොන තරම් දුකක්ද විඳින්නේ කියලා...!
වීඩියෝ එක නැද්ද?
මෙයාට ජාතික ලැයිස්තුවෙන්වත් තැනක් ෂුවර් නැහැ. ඒකයි මේ පිංසේන්ඩු වෙන්නේ… කළ පව් ගෙවපල්ලා…
ඕකට කියන්නේ ඡන්ද හිඟාකනවා කියලා.
ඒ වුණාට අපි පොහොට්ටුවට දෙන්නේම නෑ... රට කාලා කාලා වමාරගන්න බැරිව තව ඉල්ලන්නේ ලැජ්ජාව වහගන්න බැරිව පොහොට්ටුව පරවෙලා හුඟක් කල්.... ඒක ආයෙත් පණ පොවන්නේ නෑ. ඔයාලාගේ වැරැදි දුෂ්ට, අශිෂ්ට පාලනය අපි දැක්කා... වැරැදි හදාගෙන සසුන්ගත වෙන්න හොඳයි... වැරැදි හදාගෙන නැවත රටක් පාලනය කරන්න දෙන්න තරම් ජනතාව මෝඩ නෑ.
මෙයා බයට කෙහෙන්වත් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. අනුන්ගේ ඡන්ද වලට ජාතික ලයිස්තුවෙන් රිංගන්න බලාගෙන ඉන්නේ… වැරැදිලාවත් මේ කාටවත් දෙන්න එපා…
අප්පච්චී කියන එකාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි මෙයාව පාර්ලිමේන්තු නොයවා ගෙදර තියන එක… එකක් දෙන්න එපා…
කෑවද බන්...?
ආසියාවේ ආශ්චර්යය හරියට පෙන්නුවා නම් ඔහොම වෙන එකක් නැහැ. බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිතයෝ ජනතාව රවට්ටලා බලයට ඇවිත් කරපු විනාසේ මදිද? මොලේ ඇති අය, ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හොරුන්ට ආයේ නම් ඡන්දේ දෙන එකක් නැහැ.
අනාථම වුණාම තමයි ඔහොම කතා කියන්නේ. එයාටම හිතෙනවා ඇති, පාර්ලිමේන්තුවේ එකම ආසනයක්වත් (අඩුම ගානේ බෝනස් සීට් එකක්වත් ලැබෙන එකක් නැහැයි කියලා...)
දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තුවට එන්න සුදුසු කෙනෙක් නෙවෙයි. අදූෂිත, උගත්, බුද්ධිමත් හරිහමන් පිරිසක් තෝරා ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!
නුගත් කම. විදහ පානවා. 14 පස්සෙ මුලු ප්ව්ලම හිරේ යනවා අපේ දේපල රාජසන්තක. වෙනවා අනේ අපිව බේරගනිල්ලා. දැන් වැදපල්ලා ජනතාවට. මුන්ට පයින් ගහ්න්න ඕන. දැන් තමයි ජනතාවගෙ වාරේ
අනේ මෙහෙම ලැජ්ජා නැති කෙනෙක්! රෙද්දක් ඇඳන්ද මෙහෙම ඡන්දෙ හිඟා කන්නේ? බෙල්ලේ එල්ලාගෙන හිටපු කුරහන් පාට උර චක්‍ර මාලයටත් පැන්ෂන් දීලා වගෙයි...!
ගමත් කාලා, රටත් කෑවා තව මොනවාද කන්න ඉතුරු කළේ..?
මෙයාටවත්, මෙයා සහ පවුලේ කවුරුවත් ගෑවිච්චි කාටවත් කිසිම ඡන්දයක් දෙන්න එපා. මහබැංකු හොරත් එක්ක එකතු වෙලා මේ රට විනාශ කළ අය...
අනේ අනුරලා පිහිටුවන ආණ්ඩුව ගැන අනුකම්පා කරලා ඔවුන්ට විපක්ෂයක් වෙන්න කාට හරි ඡන්දෙ දීපල්ලා...
රටේ මිනිස්සු පෝලිම්වල දුක් විඳිද්දී, පෝලිම්වල මැරිලා වැටෙද්දී අන්ත අසරණ වෙලා ඉද්දී බැසිල් ඇමෙරිකාවට පැන්නා. ඔබ මාලදිවයින් ගිහින් fun අරන් fb photos දැම්මා මතකද..? රට බංගලාදේශයට අන්ත තත්වෙට දාපු ඔබලාට නැවත ලංකාවේ තැනක් නැත. මිනිස්සුන්ගේ දුක හඳුනන, පොළොවේ පයගහලා ජීවත්වෙන නායකයෙක් දැන් රටේ මිනිස්සුන්ගේ වාසනාවට ලැබී ඇත. ඒ වාසනාවට පයින් ගහන්න තරම් මිනිස්සු මෝඩ නැත. රටක් කරන විදිහ බලාගෙන ඉන්න පැත්තකටවෙලා. ඔබලා සෙට් එක රට විනාශ කරලා තියෙන්නේ. ලේසි නෑ ගොඩනගන එක. ඔබ ඇවිත් බාරවෙනවාද, නැත්නම් පොලිසියෙන් ඇවිත් කුදලාගෙන යනකම් ඉන්නවාද? ඔබගේ කැමැත්තක්...
හිඟන්නෝවත් ඔච්චර පින්සෙන්ඩු වෙන්නේ නෑ. ජොබ් එකක් කරලා පවුල ජීවත් කරන්න බැරිද? මිනිස්සු දුක්විඳලා ගෙවන බදු මුදලින් පිනට ජීවත් වෙන්න බලන්නේ... කොහොමද බලය තියෙන කාලේ රඟපු රැඟිලි...? පින් ලිස්ට් එකෙන්වත් රින්ගගන්න බැරිවෙන පාටයි...
ලැජ්ජාවක් තියෙනවාද?
දැන් ඔබට ඡන්දෙ දෙන්න බයියෙක්වත් නැහැ. ලිස්ට් එකේ යන එකත් ෂුවර් නැහැ.... දැන් කළහැකි හොඳම වැඩේ තිබෙන දෙයක් අරගෙන චීනය හෝ උතුරු කොරියාව වැනි රටකට පැනලා දේශපාලන රැකවරණ ඉල්ලගෙන දරු පවුල සමග එහෙ ජීවත්වෙන එක, මාලිමාවේ නායකයෝ පොරොන්දු වුණු ආකාරයට කටයුතු කළොත් ඔබ හිරේ..
මැදමූලන රාජපක්ෂ ගොස්තරවාදීන් බලයට පත්කරපු ඡන්ද දායකයින් නහුතෙටම නට්ටම්කර, මයිනා රංචුවෙ මඩිය තරකර නොගෙන, රටවැසියාට සේවයක් කරානම්, හොටු පෙරාගෙන, හතර ගාතෙන් වැටී අඩන්න ඕනද නාමල් නාම්බො ??????
මුන් අපේ දරුවන්ටත් රටක් නැති කළා