
(යොහාන් භාසුර)
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරමින් සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සියලුම ගුරුවරුන් ඇතුළු පාර්ශවයන් වෙත සීමා පනවමින් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම අමාත්‍යංශ ලේකම් ජේ. එම්. ටී ජයසුන්දර මහත්මිය එම චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට වට්ස්ඇප්, වයිබර් සහ ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිතා කිරීම හඳුන්වා දුන්න ද මේ වන විට එම යෙදවුම් දරුවන් භාවිතා කරමින් සිටින බව ද එම අමාත්‍යංශය කියයි.
“පාසල් ප්‍රධානීන්/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ පරිපාලක ලෙස කටයුතු කරමින් නිරන්තර අධීක්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක මට්ටමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතුය.
අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පාසල් කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජීවීව කිරීමෙන් විෂය නිර්දේශය ආවරණය කිරීමට කටයුතු කළ යුතු අතර විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතුය.
අධ්‍යාපන කටයුතු සඳහා සන්නිවේදන යෙදවුම් භාවිත කරන්නේ නම්, සුහුරු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන පරිදි ඉගෙනුම් ක්‍රියාවලිය වන බව සහතික කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේ ද අනුගමනය කළ යුතුය.
විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැළැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහිකැඳවීම් යොමු කිරීම් සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.
සිසුන් නිවසේදී කළයුතු අභ්‍යාස සහ පැවරුම් ආදිය සිසුන්ට පැවරීමේදී පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින් ද අපහසුතාවයට පත්කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරමි.
පොදුවේ සළකන කල්හි මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදී කිසිවක් යොමු කිරීම නොකළ යුතු අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව දන්වා සිටිමි.
රාජකාරිමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව සහ ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කිර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි” ලෙස එම විශේෂ චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ තීරණයක්. දෙමාපියන්ට අස්වැසිල්ලක්.
හරි මෝඩ වැඩක්. බටහිර රටවල සියලුම home work ළමයින්ට දෙන්නේ online app මඟින්. ළමයාට සහ දෙමාපියන්ට වෙනම app තිබෙන අතර දෙමාපියන්ට ළමයා homework කර ඇත්දැයි මෙමගින් බැලීමට හැක. හැමදේම බටහිර විදියට කරන්න දඟලපු මාලිමා කාරයෝ දැන් කරන්නේ රට හනමිටි යුගයට ගෙන යාම...
මෙන්න අපි ගල් යුගයට ගෙනියනෝ...!
ඉතාමත් හොද වැඩක්,නැත්තම් රෑ දොලහටත් නැගිටලා ගෙදර වැඩ දානවා.