IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


යළි බාර නොදුන් සනත්ගේ බංගලාවේ ලයිට් වතුර කපයි

 (සුජිත් හේවාජුලිගේ )

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කළ බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම නිල නිවසට අදාල ගෙවල් කුලිය පවා ඇය තවමත් ගෙවා නැතැයි වාර්තා වෙයි.

මේ තත්ත්වය නිසා බංගලාව නිත්‍යානුකූලව බාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යංශ නිලධාරිහු මේ කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක්ද පෙනෙන්නට ඇතැයි ප්‍රකාශ කළහ.

එම බංගලාව හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ අනෙකුත් සියලුම බංගලා බාරදී අවසන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ බංගලාව ලබන 12 වැනිදා බාර දෙන බව ඒ මහතාගේ දියණිය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප නීතිඥ චමරි පෙරේරා මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

 



අදහස් (29)

යළි බාර නොදුන් සනත්ගේ බංගලාවේ ලයිට් වතුර කපයි

priyanka Saturday, 09 November 2024 08:53 AM

මේ අය ඡන්දෙ ඉල්ලන්නත් එනවනේ...

:       3       52

nimal Saturday, 09 November 2024 08:57 AM

නාමල්ගේ විදුලිබිල සනත් නිශාන්ත ගෙවා දැමිය සනත් නිශාන්තගේ ජලබිල සහ විදුලි බිල නාමල් ගෙවනු ඇත

:       5       132

Sriyal Saturday, 09 November 2024 09:22 AM

භූතයෝ එළවන්නත් මීට වඩා ලේසියි...

:       4       169

Lalith Saturday, 09 November 2024 09:37 AM

නීතීගරුක වෙන්න.

:       3       148

Dilrukshan Saturday, 09 November 2024 10:04 AM

නඩු දාලා ගෙවල් කුලිය අයකරගන්න ඕනේ. ගෙවන්නේ නැත්නම් හිරේ දාන්න ඕනේ...

:       3       92

ඔක්සිජන් නිශාන්ත Saturday, 09 November 2024 10:19 AM

මැරිලත් රටට බදුගෙවන ජනතාවට නිදහසක් නැති හැටි....

:       3       90

Mohan Saturday, 09 November 2024 10:24 AM

ඇයි නීතිමය තතිවයක් නැද්ද මේ වගේ අයට දඬුවම් කරලා වන්දිත් ගන්න...!

:       2       107

හේමන්ත Saturday, 09 November 2024 05:01 PM

තියනවා.. තවම දෙපාර්තමේන්තුවල ඉන්නේ පරණ වහල්ලු ඒ අය බයයි. මේ දේවල් කරන්න..

:       1       30

ජගත් ලියනගේSaturday, 09 November 2024 05:08 PM

විවෘත අධිකරණයෙන් තීන්දුවක් ගන්න බැරිද? අත්අඩංගුවට ගන්න ස්ටේජ් නැග්ග වෙලාවක...?

:       1       28

Antonyto Maximus Tisdsera Saturday, 09 November 2024 10:48 AM

නාමල් මහත්තයා ඔන්න ඔබට මියගිය සනත් නිශාන්ත මහතාට ප්‍රති උපකාර කිරීමට අවස්ථාවක්...

:       3       73

m. saman perera Saturday, 09 November 2024 11:08 AM

මස් මාළු කන්නේ නැති, අරක්කු, සිගරට් බොන්නේ නැති අයට කියපල්ලා...

:       2       73

බකල ජයා Saturday, 09 November 2024 11:18 AM

Lalith, දන්නේ නැද්ද එතුමිය නීතීඥ වුණාට දේශපාලක බිරිඳක්...

:       2       57

pj Saturday, 09 November 2024 11:47 AM

කළින් කයිවාරු ගැහුවට මේවගේ සුළු දෙයක්වත් කරගන්න බැරි කෙනෙක්නේ අපි ජනාධිපති කරගත්තේ. කොහොමද කයිවාරුව? කියවනවා වගේ ලේසි නැහැ කරනකොට... නේද?

:       140       33

සෙනෙවිරත්න Saturday, 09 November 2024 01:50 PM

තමුන් හිතුවද මේ සනත් නිශාන්තගේ නීතිය කියලා? මේ රටේ නීතියක් තියෙනවා ලැජ්ජනැතිව කතිරේ ගහලා දැන් පවතින රජයට අපහාස කරනවා...

:       4       34

පොඩිඑකාSaturday, 09 November 2024 02:17 PM

මෙතන pj කියලා කමෙන්ට් කරලා තියෙන මනුස්සයා මොනවගේ බත්බැලයෙක්ද? පේන්නේ නැද්ද රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා... ඡන්දේ නොදුන්නු අයටනේ රුදාව...

:       3       35

pjSunday, 10 November 2024 04:05 AM

ඔව් මෙයා එදා පාර්ලිමේන්තුවෙන්ම ඡන්දය දමන්න ඡන්ද පොළට යන කෙනා මරනවා කියලා ජවිපයෙන් තුණ්ඩු බෙදලා තිබියදීත් මරණ වරෙන්තු නොතකා පළමුවෙන්ම ඡන්දය දමා රටේ ඡන්දය දීමේ අයිතිය රැක්ක කෙනෙක්.

:       0       3

ජගත් ලියනගේSaturday, 09 November 2024 04:55 PM

නම pj. ඒ කියන්නේ පජාත කියන එක නේද?

:       1       25

pjSunday, 10 November 2024 04:10 AM

අල්ලපු ගෙදර ඉන්න කාලේ අම්මා කිව්වා ඔයාට ජගත් කියලා නම දානවා කියලා...

:       0       1

Aru Saturday, 09 November 2024 11:58 AM

ඔක්සිජන් කන්නාගේ ගෑණි. මේ අය තව ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න හදනවනේ...!

:       4       60

ජයනාත් Saturday, 09 November 2024 12:08 PM

මෙයා නිතිඥවරියක්. නීතියට පටහැනිව යනවා. මෙයාලාගේ පාලන කාලේ හිටපු හැටි හිතාගන්න මෙතැනින්ම පුළුවන්...

:       3       70

Sanath Nishantha Saturday, 09 November 2024 12:54 PM

මම මැරුණත් මගේ නම තියෙන මගේ ගෑණි. වලේ හිටියත් ආදරෙයි

:       3       43

Kule Saturday, 09 November 2024 01:10 PM

නීතීඥවරියක් නීතියට විරුද්ධව කටයුතු කරනවා නම් අධිකරණ කොමිෂන් සභාවට ඒ ගැන ක්‍රියාකරන්න ක්‍රමවේදයක් නැද්ද?

:       2       43

පිටිගල මිලානෝ Saturday, 09 November 2024 01:16 PM

බයවෙන්න එපා අප්පච්චී ගෙයක් දෙයි... හා බලමු.

:       4       35

beau Saturday, 09 November 2024 03:08 PM

මේ අරගලයට පහරදුන් මයිනගේ පාහරයෙකුට දුන්න ගෙයක්. මේ ඔක්කොටම හිර දඬුවම් දෙන්න ඕනේ. ගෑණුකෙනත් ලොකුකම අරගෙන වගේ. නීතිඥයා කියන්නේ කවුද? ඒකත් ජොබ් එකක් පමණයි. රජකමක් නොවේ...

:       1       17

ගමේ එකාලා Saturday, 09 November 2024 03:57 PM

නීතිය ගැනවත් දන්නේ නැහැ. හොර පෙරකදෝරුවාටම හරියනවා.

:       1       17

sanath Saturday, 09 November 2024 04:33 PM

ගෙවලා දානවා ඇති...

:       1       8

Nandalal DE SILVA - France Saturday, 09 November 2024 05:23 PM

හට්ටි, වළන්, පැදුරු, කොට්ට ආදිය එක්ක මුළු සේසතම එළියට විසිකරා නම් මේ අබ්බගාත සමයම නිකන්ම රජ බංගලාවෙන් දොට්ට යනවා...!!! ඒක කරන්න පුළුවන් අය රට වටේම ඉන්නවා...!

:       1       15

Perera Sunday, 10 November 2024 07:09 AM

මේ අයත් එදා වාහනේ හිටියා නම් ඔහොම කරදර වෙන්නේ නැහැනේ...

:       0       1

Gein Anti Sunday, 10 November 2024 09:19 PM

සලකුණ ටෙලිෆෝන් එක වුණාට කවුරුවත් උස්සන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ
2025 මැයි මස 04 900 0

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු


සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 821 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 530 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 817 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 5504 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 371 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 656 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 170 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site