IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්

(ආරියරත්න රණබාහු)

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැවසීය.

අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙන සහන දීමනාව  හැඳින්වූ ජනසවිය සමෘද්ධිය දිවිනැගුම ආදී ලෙස බලයට පත් රජයන් එම  නම් මාරු කළද දැනට ඒ සදහා  භාවිතා කරන අස්වැසුම නම තම රජය විසින් මාරු නොකරන බවකි ජනාධිපතිවරයා කොයි නම තිබුනත් තමන්ට කමක් නැතැයිද කීය.

කෙසේ වෙතත් අස්වැසුම නොලැබුණු සියලු දෙනාට නැවත අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවද  හෙතෙම කීය.

මෙම රට ගොඩනංවා ප්‍රතිලාභ ලැබෙන තෙක් එම ජනතාව රැක ගැනීම රජයේ බලාපොරොත්තු ව යැයිද  පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කලේ කෑගල්ල නගරයේ නිදහස් මාවතේ  අද සවස පැවැති "රට හදන අපි එකට මාලිමාවට" තේමාවෙන් යුත් ජන හමුව අමතමිනි .



අදහස් (4)

පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්

pakeer Friday, 08 November 2024 07:39 PM

නියමයි සහෝදරයා...!

:       5       41

P.Nadee Kumari Saturday, 09 November 2024 07:02 AM

මටත් උදව්වක් අවශ්‍යයි. මගේ දරුවන් තිදෙනාම පාසල් යනවා. පොත් ටික ගන්න තරම් වත්කමක් මට නෑ...! 

:       0       2

අරවින්ද මොනරවිල Saturday, 09 November 2024 08:01 AM

ආදායම් බේදයක් තොරව සියලුම දරුවන්ට ඒ දීමනාව ලබා දෙන්න පුළුවන් නම් එය ඉතා හොඳයි. ඒ වගේම ඔය දිළිඳු සහන දීමනා වල නම් කියන විට සමහර අප්‍රිය ජනක දේශපාලන කාරණා තමයි මිනිස්සුන්ට මතක් වෙන්නේ. ඒ වගේම තමන්ගේ අනුගාමිකයින්ට සහ පාක්ෂිකයින් සංතෝෂයට පත් කරන්න ඔය දීමනා අල්ලස් ලෙස පාවිච්චි කෙරුවා, වාහන තියෙන පවුල්වලට ව්‍යාපාර කරන පුද්ගලයින්ට පවා මෙම දිළිඳු සහන ලැබෙන බවට ප්‍රබල චෝදනා තියෙනවා. ඒ නිසා නැවත සියල්ල ඇගැයීමකට ලක්කරලා ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ආකාරයට අළුත් ව්‍යාපෘතියක් ලෙස මෙය පටන් ගන්න ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයි.

:       1       7

I.R.P Fernando Saturday, 09 November 2024 09:54 AM

2024 උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටින සිසුන්ට වී ඇති අසාධාරණය ගැන අවදානය යොමු කර. අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න කටයුතු කරන්න...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site