
(ආරියරත්න රණබාහු)
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැවසීය.
අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙන සහන දීමනාව හැඳින්වූ ජනසවිය සමෘද්ධිය දිවිනැගුම ආදී ලෙස බලයට පත් රජයන් එම නම් මාරු කළද දැනට ඒ සදහා භාවිතා කරන අස්වැසුම නම තම රජය විසින් මාරු නොකරන බවකි ජනාධිපතිවරයා කොයි නම තිබුනත් තමන්ට කමක් නැතැයිද කීය.
කෙසේ වෙතත් අස්වැසුම නොලැබුණු සියලු දෙනාට නැවත අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවද හෙතෙම කීය.
මෙම රට ගොඩනංවා ප්‍රතිලාභ ලැබෙන තෙක් එම ජනතාව රැක ගැනීම රජයේ බලාපොරොත්තු ව යැයිද පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කලේ කෑගල්ල නගරයේ නිදහස් මාවතේ අද සවස පැවැති "රට හදන අපි එකට මාලිමාවට" තේමාවෙන් යුත් ජන හමුව අමතමිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සහෝදරයා...!
මටත් උදව්වක් අවශ්‍යයි. මගේ දරුවන් තිදෙනාම පාසල් යනවා. පොත් ටික ගන්න තරම් වත්කමක් මට නෑ...!
ආදායම් බේදයක් තොරව සියලුම දරුවන්ට ඒ දීමනාව ලබා දෙන්න පුළුවන් නම් එය ඉතා හොඳයි. ඒ වගේම ඔය දිළිඳු සහන දීමනා වල නම් කියන විට සමහර අප්‍රිය ජනක දේශපාලන කාරණා තමයි මිනිස්සුන්ට මතක් වෙන්නේ. ඒ වගේම තමන්ගේ අනුගාමිකයින්ට සහ පාක්ෂිකයින් සංතෝෂයට පත් කරන්න ඔය දීමනා අල්ලස් ලෙස පාවිච්චි කෙරුවා, වාහන තියෙන පවුල්වලට ව්‍යාපාර කරන පුද්ගලයින්ට පවා මෙම දිළිඳු සහන ලැබෙන බවට ප්‍රබල චෝදනා තියෙනවා. ඒ නිසා නැවත සියල්ල ඇගැයීමකට ලක්කරලා ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ආකාරයට අළුත් ව්‍යාපෘතියක් ලෙස මෙය පටන් ගන්න ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයි.
2024 උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටින සිසුන්ට වී ඇති අසාධාරණය ගැන අවදානය යොමු කර. අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න කටයුතු කරන්න...