
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පැවසීය.
විවෘත කර ඇති දොරටු හයෙන් හතරක් අඩි 5 බැගින් සහ දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇත. මේ හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 16600 ක ජල පරිමාවක් මුදා හැරෙන බවත් දැදුරුඔය පහළ ප්‍රදේශ වල පදිංචි ජනතාවට සහ දැදුරුඔය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් වලට සැළකිලිමත් වන ලෙසද ඉන්ජිනේරුවරයා පැවසීය.
මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවන අතර එම ප්‍රදේශවලට ලැබෙන වැසි තත්වය අනුව එය වෙනස් විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
දැදුරුඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 76ක් රට කෑවා කියන අය රටට දායාද කරපු දේවල් තමයි මේ...!