හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින් මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි. 19 June 2024
එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. 19 June 2024
ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවලා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි. 19 June 2024
රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 18 June 2024
‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘ ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය. 18 June 2024
පොලීසියට එරෙහි තාබුගලගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න දිනයක් පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (18) දන්වා සිටියේය. 18 June 2024
අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ලංකාදීපයට පැවසීය. 18 June 2024
අතුරුදන් වූ සිඟිත්තා ළඳු කැලෑවකින් හමුවේ නොර්වුඩ් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පවසයි. 18 June 2024
‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 18 June 2024
ආබාධ සහිත ප්‍රජාවගේ අයීතින් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ලංකාවට ලබන 2025 සහ 2026 වසර වල පැවැත්වීමට නියමිත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ 18 June 2024
ඉන්දීය විදේශ ලේකම් අනිද්දා දිවයිනට ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජය ශංකර් මහතා අනිද්දා(20) දිවයිනට පැමිණීමට නියමිතය. 18 June 2024
විදුලි සංදේශ පනත ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැති සබයට විදුලි සංදේශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන් බැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 June 2024
’’නීතිපතිට සේවා දිගුවක් නෑ’’ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත. 18 June 2024
ආණ්ඩුවට කත් අදින අයට කෝටි ගණන් බෙදලා ආණ්ඩුවට කත් අදින තෝරා ගත් මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුව කෝටි දහය ගාණේ විමධ්‍යගත අරමුදල් ලබාදී ඇති බවත් කොටසකට පමණක් සලකන මේ ක්‍රමවේදය නවතා සියලුම මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 June 2024
ආයුර්වේද සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 18 June 2024
ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාවට මංගල සීනු ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග ඊයේ (17) යුග දිවියට පිවිසියාය. 18 June 2024
පනස් අටදාහකට ද්විත්ව පුරවැසිභාවය (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා 63917 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ බවද ඔහු කීවේය. 2015 දී 16184ක්ද- 2016 දී 13933ක්ද - 2017 8881 ක්ද - 2018දී 8747ක්ද - 2019 දී 7405ක්ද - 2020 දී 3154ක්ද වශය 18 June 2024
ලංකාවේ අලි ගණන් කරන්න යයි වසර දහතුනකට පසුව අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි. 18 June 2024
විදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයි මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය. 18 June 2024
රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල පොල්දූව හංදියේ පවත්වන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය. 18 June 2024
රජයේ පොහොර සමාගම් දෙකේ 278ක් විශ්‍රාම ගන්වයි රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි 18 June 2024
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ. 18 June 2024
’’ජීවත්වන ගෙදරටත් බදු ගහන්න එකඟ වෙලා’’ පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 June 2024
පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. 18 June 2024
පුටින් උතුරු කොරියාවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. 18 June 2024
පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 June 2024
හෙරොයින් සමඟ පීසී මාට්ටු හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 18 June 2024
සොරකම් කළ ත්‍රිරෝදරිය මිලටගත් එස් ටී එෆ් සෙබළා අත්අඩංගුවට රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට අලෙවිකර තිබියදී සොයා ගත් බව රත්ගම පොලිසිය පවසයි. 18 June 2024
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2024
හෙට සිට වැස්ස වැඩිවෙයි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026