
(ටී.කේ.ජී.කපිල )
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු කොළඹ - 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි , නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් , විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙකි .
ඔහු එරට දී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක් බරැති රත්තරන් පෙන්ඩන්ට් 04 ක් මිළදී ගෙන තිබේ .
එම පෙන්ඩන්ට් 04 , අත පිසිනා කඩදාසි ලේන්සු දෙකක ඔතා , බ්‍රවුන් පේපර් කඩදාසි බෑගයක බහා ඇත්තේ , පිටතට චොක්ලට් ලෙස පෙනෙන පරිදිය .
ඔහු විසින් රැගෙන ආ අනෙකුත් භාණ්ඩ තොගය , ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයක පටවා , ඔහු හදුනන තවත් ව්‍යාපාරික කාන්තාවක් වෙත , ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලෙස පවසා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දී භාර දී තිබේ .
ඇය මෙම ට්‍රොලි කරත්තය , ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්ත තල්ලු කර ගෙන යාම සදහා සිටින '' පෝටර්වරයෙකු " යොදා ගනිමින් , ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති , හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන විත් , භාර දී තිබේ .
ඇය 43 හැවිරිදි මීතොටමුල්ල , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි , ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරික කාන්තාවකි .
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
sam Saturday, 09 November 2024 10:29 AM
දෙන්නම හොරුනේ... දෙන්නටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න...