
(ටී.කේ.ජී.කපිල)
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර , ඔහු අද දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගේ පැමිණි ෙපිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට පත් විය.
සැකකරු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , මොහුගේ බිරිඳ , 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
"ජෙඩ්සීස් බිස්නස් ස්කූල්" නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර , එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හරක්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ... වැඩි තන්හාවට ගියාම ඔහොම තමයි...!
මෙවැනි පිරමීඩ ව්‍යාපාරිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස රජය කොතරම් අවවාද කලත් ඒවා නොසලකා හැර අධික තන්හාව නිසා මෙවැනි කපටින්ට හසුවන්නන්ටද දැඩි දඩුවම් දියයුතු නොවේද?
රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි නැහැ කියලා කිව්වට, මේ වගේ හොර පිරමීඩ ජාවාරම් වලට දෙන්න නම් සල්ලි තියෙනවා..
මම නම් රජයට යෝජනා කරන්නේ, මේ සියලුම මුදල් රාජසන්තක කර මේ යුවල නිදහස් කොට, අර ආයෝජනය කළ සියලුම දෙනාටම නඩු පැවරිය යුතුයි.. නැතිනම් මේ මිනිස්සුන්ට මුදල් නැවත ලබා දෙන්න මහජනතාවගේ බදු මුදලින් රජය වියදම් කොට නඩු පවරා පරීක්ෂණ පැවැත්විය යුතු වෙනවා... ලංකාවේ මිනිස්සුන්ට පුදුම තණ්හාවක් තියෙන්නේ... ඒ නිසා මේ තන්හා කාරයින්ගෙන් තවත් රජයට දඩ අයකරගෙන, එය රාජ්‍ය ආදායමට එක්කර ගත යුතුයි. මේවැනි තන්හාකාරී ජනතාවක් නිර්මාණය කිරීම ගැන මේ රටේ සියලුම ආගමික පූජකයින් වගකිව යුතුයි. සියලුම ආගමික ආයතන මෝඩයින්ගෙන් මුදල් උපයා ගන්නා හොඳම ව්‍යාපාර බවට පත්වෙලා.
ශුවර් එකටම මොවුන් පොහොට්ටු කාරයෝ විය යුතුයි. ජොනීගේ සරණම තමයි...
අනිවාර්යයෙන් මෙම මුදල් රාජසන්තක කළ යුතුයි. එම මුදල් මහා භාණ්ඩාගාරයට. තණ්හාව නිසා මුදල් තැන්පත් කළ අයට පාඩුව විඳගන්න කියමු. මොවුන් රජයට කියලාද දන්නේ නෑ තැන්පත් කළේ..?.
මේ දිනවල ප්‍රෝ කෙයාර් කියලා සෙට් එකක් ඔන්ලයින් ජොබ් දෙනවා කියලා සැරටම මේක කරනවා. කවුරුත් බලන් නෑ. දැනටම කෝටි ගාණක් හොයලා, වැඩේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ටීවී චැනල්වල ඉන්ටවීව් පවා දෙනවා. තනිකර ජනතාව නොමග යවනවා.
දැනගෙන කරන්නෙ නෑ. හුඟක් අය. " Point Zone/ Banner cut" අයත් තවම නිදැල්ලේ...