(ටී.කේ.ජී.කපිල)
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර , ඔහු අද දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගේ පැමිණි ෙපිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට පත් විය.
සැකකරු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , මොහුගේ බිරිඳ , 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
"ජෙඩ්සීස් බිස්නස් ස්කූල්" නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර , එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
Sampath Dinusha Friday, 08 November 2024 09:03 AM
අපේ හරක්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ... වැඩි තන්හාවට ගියාම ඔහොම තමයි...!
පැරකුම් Friday, 08 November 2024 01:58 PM
මෙවැනි පිරමීඩ ව්‍යාපාරිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස රජය කොතරම් අවවාද කලත් ඒවා නොසලකා හැර අධික තන්හාව නිසා මෙවැනි කපටින්ට හසුවන්නන්ටද දැඩි දඩුවම් දියයුතු නොවේද?
kamal Friday, 08 November 2024 02:44 PM
රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි නැහැ කියලා කිව්වට, මේ වගේ හොර පිරමීඩ ජාවාරම් වලට දෙන්න නම් සල්ලි තියෙනවා..
බද්රානි Friday, 08 November 2024 02:48 PM
මම නම් රජයට යෝජනා කරන්නේ, මේ සියලුම මුදල් රාජසන්තක කර මේ යුවල නිදහස් කොට, අර ආයෝජනය කළ සියලුම දෙනාටම නඩු පැවරිය යුතුයි.. නැතිනම් මේ මිනිස්සුන්ට මුදල් නැවත ලබා දෙන්න මහජනතාවගේ බදු මුදලින් රජය වියදම් කොට නඩු පවරා පරීක්ෂණ පැවැත්විය යුතු වෙනවා... ලංකාවේ මිනිස්සුන්ට පුදුම තණ්හාවක් තියෙන්නේ... ඒ නිසා මේ තන්හා කාරයින්ගෙන් තවත් රජයට දඩ අයකරගෙන, එය රාජ්‍ය ආදායමට එක්කර ගත යුතුයි. මේවැනි තන්හාකාරී ජනතාවක් නිර්මාණය කිරීම ගැන මේ රටේ සියලුම ආගමික පූජකයින් වගකිව යුතුයි. සියලුම ආගමික ආයතන මෝඩයින්ගෙන් මුදල් උපයා ගන්නා හොඳම ව්‍යාපාර බවට පත්වෙලා.
Always break down Friday, 08 November 2024 04:29 PM
ශුවර් එකටම මොවුන් පොහොට්ටු කාරයෝ විය යුතුයි. ජොනීගේ සරණම තමයි...
Rs Saturday, 09 November 2024 09:20 AM
අනිවාර්යයෙන් මෙම මුදල් රාජසන්තක කළ යුතුයි. එම මුදල් මහා භාණ්ඩාගාරයට. තණ්හාව නිසා මුදල් තැන්පත් කළ අයට පාඩුව විඳගන්න කියමු. මොවුන් රජයට කියලාද දන්නේ නෑ තැන්පත් කළේ..?.
KAMRUL ISLAM Saturday, 09 November 2024 12:22 PM
මේ දිනවල ප්‍රෝ කෙයාර් කියලා සෙට් එකක් ඔන්ලයින් ජොබ් දෙනවා කියලා සැරටම මේක කරනවා. කවුරුත් බලන් නෑ. දැනටම කෝටි ගාණක් හොයලා, වැඩේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ටීවී චැනල්වල ඉන්ටවීව් පවා දෙනවා. තනිකර ජනතාව නොමග යවනවා.
Jcabe Saturday, 09 November 2024 10:28 PM
දැනගෙන කරන්නෙ නෑ. හුඟක් අය. " Point Zone/ Banner cut" අයත් තවම නිදැල්ලේ...