නිදන කාමරයේ නිදන් සොයලා
පොළොන්නරුව උණගලාවෙහෙර නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්කෑන් යන්ත්රයක් සහ තවත් උපකරණ තොගයක් සමග, අද පෙරවරුවේදි සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.