මැයි රැලියට සියල්ල සූදානමින් ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි. 30 April 2024
යාපනයේ නව දේශපාලන පක්ෂයක් එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි. 30 April 2024
ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 30 April 2024
අකුණු සැරින් අයියා නගෝ මරුට මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. 30 April 2024
සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 30 April 2024
අකුණු සැරෙන් අයෙක් මරුට මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි. 30 April 2024
පොලිස් ගාඩ් පිට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම අල්ලා ගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති. 30 April 2024
අනියම් පෙම මන්නා පහරින් කෙළවර වෙයි ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි. 30 April 2024
කෝටි හතක ගජමුතු විකුණන්න බැරිවෙයි රුපියල් කෝටි හතක මුදලකට ගජමුතු පහක් අලෙවි කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් සිව් දෙනකු ජයල රුක්මණී දේවී හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව ජා ඇල පොලිසිය පවසයි. 30 April 2024
අද වහින පළාත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 April 2024
අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක් බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත 30 April 2024
කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. 30 April 2024
විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 30 April 2024
බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක් කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද(29) නියෝග කළේය. 29 April 2024
කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එම ප්‍රදේශයෙන් පරීක්ෂාකාරීව ගමන්කළ යුතු බව පොලිසිය පවසයි. 29 April 2024
තනිව සිටි නීතිවේදනිය මරා දමලා නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි. 29 April 2024
ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 April 2024
කළුතර මුහුද ගොඩගලයි කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී. 29 April 2024
සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය. 29 April 2024
සංචාරක කලාප 49ක් ගැසට් කෙරෙයි සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය. 29 April 2024
කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන අද (29) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්වුහ. 29 April 2024
’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’ කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. 29 April 2024
සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි 29 April 2024
වැලිගම බාලිකා පාසලක ගින්නක් වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ. 29 April 2024
පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නඩුවේ සෙසු විත්තිකරුවක් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේය. 29 April 2024
රට ගැන හිතන්න අනුර ඉල්ලයි විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 April 2024
ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්වීණි. 29 April 2024
මැයි රැළියට පොලිසියේ 9000ක් ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 29 April 2024
ව්‍යාපාරිකයා ඔහුගේම මෝටර් රථයට යටවී මරුට බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්‍යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන් මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි . 29 April 2024
ඇල්ල නායයාම් ගැන වාර්තාවක් ඉල්ලයි බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. 29 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025