බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. 19 July 2024
විසි දෙක ගැසට්ටුව පිටවේ විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. 19 July 2024
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. 19 July 2024
අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19)නියෝග කළේය. 19 July 2024
මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. 19 July 2024
අ'පුරට භූ කම්පනයක් අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි. 19 July 2024
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ සල්ලි අධ්‍යාපනයට-සෞඛ්‍යයට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2024
හල්දුම්මුල්ල පයිනස් වගාවක ගින්නක් හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19)දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . 19 July 2024
කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්රදානය කළේය. 19 July 2024
ලොව පුරා තාක්ෂණික බිද වැටීම් ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්ෂේත්රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ බිඳ වැටීම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 July 2024
ට්‍රම්ප් මිණිපිරියත් මැතිවරණ වේදිකාවේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප්ගේ මිනිපිරිය කායි මැඩිසන් ට්‍රම්ප් ද වේදිකාවට පැමිණි, ට්‍රම්ප් පිළිබඳ ගුණ කථනයක් පැවැත්වීය. 19 July 2024
ආයෝජන අරඹන්න විදෙස් ව්‍යවසායකයින්ට ආරාධනා යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2024
ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය 19 July 2024
‘අග්බෝ‘ගේ ඇසට කැටපොලයකින් විද්ද අයෙක් අත්අඩංගුවට තිරප්පනේ,උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින ’අග්බෝ’ හස්තියාගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි. 19 July 2024
අල්ලස්ගත් සැරයන්ගේ වැඩ තහනම් කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අතඅඩංගුවට ගත් වාන් ඇළ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 19 July 2024
පේරාදෙණියට නව උප කුලපතිවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පත් කර තිබේ. 19 July 2024
පාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය. 19 July 2024
සහල් මිල පහළට? කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25කින් පහළ දැමීමට සාපේක්ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය. 19 July 2024
හිගුරක්ගොඩ ගුවන්තොටුපලේ ඉදිකිරීම් අරඹයි ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ආරම්භ කළේ. 19 July 2024
රියදුරුට නින්ද ගිහින් රිය උඩුකුරුව පෙරැළෙයි කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට පොලිස් වසමට අයත් පුස්සැල්ල ප්‍රදේශයේ අද(19) මෝටර් රියක් මාර්ගය හරහා පෙරැළි අනතුරට ලක්විය. 19 July 2024
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 19 July 2024
බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ. 19 July 2024
අපේ කුකුළු මස් වලට චීන දොර ඇරෙයි මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබේ. 19 July 2024
බළලා මාරු කර ගන්න ඇවිත් බලු පැටියයි රන් මාලයයි උස්සලා සුරතලයට ඇති කරන බලු පැටවකු මිලදී ගැනීමට පැමිණි යුවළක් එම නිවෙසේ තිබූ රුපියල් 1,65,000ක් පමණ වටිනා රන් මාලයක් හා රුපියල් 45,000ක් පමණ වටිනා ගෝල්ඩන් රෙඩ් රිවර් වර්ගයේ බලු පැටවකු සොරාගෙන ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය කියයි. 19 July 2024
කතරගම ගිනි පෑගිමේ උත්සවයෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගිමේ උත්සවය අද (19) උදෑසන 04 ට සිදුවිය . 19 July 2024
සුළං -වැසි තවදුරටත් සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 July 2024
කළුකඩකාරයින් සොයා රටම පීරයි ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා ලංකාදීපයට පැවසිය. 19 July 2024
‘‘සභාපති වෙන්න නිමල්ට අයිතියක් නෑ‘‘ අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. 19 July 2024
විශ්ව බලයක් පෙන්වා කුඩු ජාවාරම් කරලා විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් පුද්ගලයන් මුලාවට පත් කොට මත් කුඩු ජාවාරම් කිරීම පිනිස මුදල් සොයා ගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු , මත් කුඩු මිලි ග්‍රෑම් 5300 ක් සමග අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 19 July 2024
කතරගම - මාතර ප්‍රධාන මාර්ගය අද සහ හෙට මැදවත්තෙන් හා තලල්ලෙන් වැසේ ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19 ) සහ හෙට (20) දහවල් 12. 00 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දමන බැවින් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි. 19 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026