
(රෝෂන් තුෂාර)
දෙමළ ඊළාම් මහවිරු සැමරුම ප්‍රවර්ධනය වන ආකාරයේ අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ පලකලේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන සැකකරු ඇපමත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය .
මහජන සාමය කඩවන හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වීය හැකි තොරතුරු සමාජ ජාලයේ පැතිරවීමට එරෙහිව රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද දින ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළ රහස් පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
මහජන කැලඹීමක් සිදුවූ බවට තහවුරු කෙරෙන සාක්ෂි ඉදිරිපත් කර නොමැති අවස්ථාවක මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවට පෙන්වාදෙමින් ඇප නියම කළේය.
සැකකරුට ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අප්‍රේල් මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊළම ප්‍රවර්ධනය කළ තරුණයාට ඇප
Nishan Thursday, 05 December 2024 06:13 AM
ඊළම ප්‍රවර්ධන සැමරුම් කරපු සිය ගාණක් නිදහසේ ඉන්නවා ඒ සැමරුම් ගැන චායාරූප පල කල දෙතුන් දෙනා අල්ලලා හිරේ දානවා. අනේ මෙහෙමත් නිවට ආණ්ඩුවක්. නිවට කමද නැත්නම් උතුරට දීපු පොරොන්දුද දන්නේ නෑ.