IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

හිටපු ජනපති මෙසේද කියයි.

ජනාධිපති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියානු ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට තර්ජනයක් විය. 

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෙන්ම පරිපාලනයට සහය දෙන අයගේද එකමුතුකම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය යුතුය. විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවේ ශක්තිය මින් පෙන්නුම් කරයි.

මෙම ව්‍යවස්ථාමය අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කොරියානු ජනරජයේ අවශ්‍යතාවයයි. 



අදහස් (13)

කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

Mahinda Wednesday, 04 December 2024 01:55 PM

තම පක්ෂයට ලැබුණු පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරයට නියෝජිතයකු පත් කිරීම ඊට වඩා අමාරු කාර්‍යක්.

:       29       140

ලුම්බිණි Wednesday, 04 December 2024 02:23 PM

අනුන්ගේ අවුල් ගැන දොඩවන් නැතුව තමන්ගේ අවුල ගැන බැලුව නම් නේද හොඳ ?

:       24       95

පම්පෝරි ජනක Wednesday, 04 December 2024 02:33 PM

බැරිවෙලාවත් මෙයා චන්දෙන් දිනලා තව අවුරදු 5කට බලය ගත්තනම් බලාගන්න තිබ්බ දකුණු ආසියාවේ අලුත්ම එකදිපති වියරුව . ඔය ලෝකෙට ප්‍රජන්ත්‍රවාදය ගැන උපදෙස් දෙනවා වගේ නෙමෙයි ගෙදරදී හැසිරෙන්නේ

:       25       91

සන්ක Wednesday, 04 December 2024 02:55 PM

අනේ මේ රනිල් කොරියාවෙ අර්බුද ගැන පඩි කතා කියනවා.යකෝ මේ රටේ ප්‍රධානම පක්ෂයක් වෙච්ච යුඑන්පියට මෙයා කරපු විනාසෙ හොදටම ඇති. ජේආර් උන්නැහැ මිනි වලෙන් නැගිටල ආවානම් රනිල්ගෙ බෙල්ලෙන් අල්ලල උස්සලා ගහනවා පොලොවේ. සද්දන්ත යුඑන්පීය අද මෙයා පොලොවට සමතලා කරල නැත්තටම නැති කරල කුජීත කරල වළපල්ලට යවල ඉවරම කරල දැම්මා.මෙයාට ඉහලම දඩුවම ස්වභාව ධර්මයෙන් ලැබෙයි.

:       15       52

පිටිගල මිලානෝ Wednesday, 04 December 2024 03:13 PM

මාර වැඩේ කොරියාවට උනේ…….

:       2       37

LalFernando Wednesday, 04 December 2024 03:16 PM

ගෑස් සිලින්ඩරේ එක මන්ත්‍රී පුරප්පාඩුව විසඳගන්න බැරි කෙනා වෙන රටවල අවුල් ලිහන්න යනකොට හතර හිනා.

:       13       54

ravin Wednesday, 04 December 2024 03:42 PM

ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිලු... බැරිද ඒ පළාතටත් ගිහිල්ලා කකුල් මාට්ටුවක් දාලා එන්න.

:       12       40

පුරවැසියා Wednesday, 04 December 2024 04:26 PM

අර මොකක්ද එකක් කහ ගන්නවත් නියපොත්ත දිග නැති ඩයල් හෙන පොර ටෝක් දෙනකොට ඒ මොකක්ද එකෙන් හිනායනවා...!

:       10       43

අරවින්ද මොනරවිල Wednesday, 04 December 2024 05:47 PM

පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය රැක්කේ නැති මිනිහා, වංගුවක් ගහලා ජනාධිපති පුටුවට පැන ගත්තාට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්න දැඟලුව මිනිහා දැන් කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතා කරනවා. මොනවාද අප්පා මේ විහිළු?

:       0       1

chandima Wednesday, 04 December 2024 11:38 PM

සීයට ඩිමෙන්ශියා රෝගෙ හැදිලා වගේ...!

:       0       0

sam Thursday, 05 December 2024 06:34 AM

මේවගේම අනුන්ගේ රටවල දේශපාලනය ගැන බයිලා කියන පිස්සෝ අංගොඩ ඉන්නවා .මේ ඒ පැනපු එකෙක්ද ?

:       0       0

sam Thursday, 05 December 2024 06:36 AM

මේකා හීනෙන් නැගිටලද ?මේකාට ඩිමෙන්ෂියා ,ජාතික ලැයිස්තු මන්ත්‍රී තෝරාගන්න බැරි එකා .කොරියාවේ වගේ දියුණු රටක ගැන කතාව .පිස්සෙක්

:       0       0

රුවන් Thursday, 05 December 2024 07:02 AM

අවුරුද්දක් ඇතුළත බාර් ලයිසන් 361 දීපු කෙනා දකුණු කොරියාවට උපදෙස් දෙන්න යනවා කියලා ඇහුවම, දකුණු කොරියාවේ මිනිස්සුන්ට හිනා යන්නේ කොහෙන්ද දන්නේ නෑ. අඩුම ලංකාවේ ප්‍රබලම පක්ෂය අද නැත්තටම නැති කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 298 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site