
(දයාරත්න ඇඹෝගම)
දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගමික වතාවත් සිදුකොට ඇයගේ මෘත දේහය හොරොව්පොතාන පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට පියවර ගත්තේය.
මිය ගිය මෙම මව හොරොව්පොතාන රජයේ රෝහලට මාස ගණනකට ප්‍රතිකාර සදහා ඇතුළත් කළාය.
දරුවන් පස් දෙනකු සිටියත් මෙම අසනීප මව බැලීමට කිසිවකු පැමිණ නැති අතර කාත් කවුරුත් නොමැතිව රෝහල තුළම අවසන් සුසුම් හෙලීය.
හොරොව්පොතාන ලේවාසපිරි වැව ගමේ පදිංචිවී සිටි මෙම මව මියගිය බවට දරුවන් දැනුවත් කළ ද පැමිණියේ එක දරුවකු වන අතර ඔහු ද මව හඳුනාගෙන සුළු වෙලාවකින් අතුරුදහන් විය. නැවත පැමිණියේ නැත.
රෝහල් ගත වූ දින සිටම රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් කාර්යය මණ්ඩලය ද මෙම මවට ඉතා ආදරයෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ ඇප උපස්ථාන සිදු කළ අතර රෝගී තත්වයෙන් මිය යන තෙක්ම ඔවුන්ගේ නොමද ආදරය ලැබීමට තරම් භාග්‍යවන්ත වුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් හැදූ වැඩූ දෙමාපියන්ට නොසළකන පව්කාර දරුවෝ...
මේවා දකින කොට මට පුදුම දුකක් හිතට එන්නේ. මට මගේ අම්මා මතක් වෙනවා. එයා වඩාගන දුවන්න හිතෙනවා. ඒ තරමට මම එයාට ආදරෙයි...
දරුවන්ට යහපතක් වේවා..!
රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොවෙයි, නගරයේ තරුණ කාලෙත් මිහිදන් කිරීමට උදව් කළා... ඔවුන්ටත් ස්තූති කරන්න..
මේ අය වයස්ගත වුණාමත් ඒ ටිකමයි
රෝහල් කාර්ය මණ්ඩලයට කවමදාකවත් දුකක් හෝ කරදරයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
දුප්පත්කම හැර වෙන හේතුවක් නැතිව ඇති, සාමුහිකව මළගමක වියදම් බෙදී නොයන්නේ නම් තනි මිනිසෙකුට එය දරාගත නොහැකි තරමට දුප්පත්කම ප්‍රභලයි. වෙන කුමක් කරන්නද?
බිහි කර හැදූ වැඩූ දරුවෝ පව් කාරයො උනාට, පින්වන්ත දරුවන් රොත්තක් රෝහලේදී ලැබුණු මෑනියන්ට සුහතිගාමී භව ගමනක් වේවා ..
සමාජය මෙතෙරම් පිරිහිම ගැන බොහොම කණගාටුයි...
ඒ අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න මෙහෙත් කාලකන්නි
මෙයාලාටත් උන්ගේ දරුවෝ කරන්නේ ඕකම තමයි
වදාපු උන් පුත්තු නම් අනිවාර්යයෙන් උන් බැදපු ගෑනුන්ට බයේ ඇති..දුවලා නම් උන්ගෙ බැදපු පිරිමින්ට බයේ ඇති..අම්මා කියන්නෙ මෙි විශ්වයේ ඉන්න උතුම්ම ආශිර්වාදය ලද කෙනෙක්.ඔය දරැචෝ මැරෙද්දිත් ඔය වගේම විපාක පඩිසන් දීලා තමයි මැරෙන්නේ..