IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ  රජයේ  වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී  ඉදිරිපත් කරන බව අධිකරණ සහ  ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

සොරා ගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැළැක්වීම ණයහිමියන් සහ ණයගැතියන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදා ගැනීමේ  පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත (සංශෝධන) පාර්ලිමේන්තුවට මෙසේ ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය

රජය මර්දන නීති හඳුන්වාදී නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

රජය අලුත් දේශපාලනයක් ආරම්භ කර ඇති බව පැවසූ නානායක්කාර මහතා  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු පනතක් බවද ප්‍රකාශ කළේය.

ජාත්‍යාන්තර නීතියට   ප්‍රඥප්තිවලට  ගැලපෙන ප්‍රති ත්‍රස්ත පනතක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය  බවද ඔහු  සඳහන් කළේය.

භාෂණයේ නිදහසට මේ රජය ගරු කරන බව පැවසූ නානායක්කාර මහතා එම නිදහස තහවුරු කර ගැනීමට ධනාත්මක පියවර ගැනීමට සූදානම් බවද  ප්‍රකාශ කළේය.

භාෂනයේ නිදහස සහ අපරාධ කියන්නේ ලඟින් යන කරුණු දෙකක් බවද හර්ෂණ නානායක්කාර  මහතා කීවේය.

තම කණ්ඩායම ආණ්ඩුකරණයට අළුත් නමුත් දේශපාලනයට අළුත් නැතැයිද හෙතෙම පැවසීය.

අන්තවාදය ජාතිවාදය පැරදවීමට නීති ගෙන එන බවද ඔහු කීවේය.

පහුගිය ආණ්ඩු නීතිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකළ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ධනය බලය අනුව වෙනස් වන  නීතියක් මේ රටට හඳුන්වා නොදෙන බවද ප්‍රකාශ කළේය.



අදහස් (10)

සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක්

විපරමා Wednesday, 04 December 2024 04:50 PM

මෙළහකටත් හොයාගන්ඩ බැරි විදිහට තැන් තැන් වල හන්ගලා, වෙන අයගේ නම් වලින් තියාගෙන ඇති. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු කිසිම එකෙකුට ගැළවෙන්න නොදිය යුතුයි...

:       28       54

charith Wednesday, 04 December 2024 04:54 PM

ඔය දේවල් කරන ගමන්, නමසිය බර ගණන් වල හදපු නීති අදට ගැලපෙන විදියට අප්ඩේට් කරන්න. ඒ පරණ නීති නිසා තමයි හොරකම් කරන්න බය නැත්තේ මිනිස්සු...

:       27       60

පිටිගල මිලානෝ Wednesday, 04 December 2024 05:32 PM

ඩේසි ආච්චිගෙ මැණික් මල්ලත් හොයනවාද….?

:       3       45

අරවින්ද මොනරවිල Wednesday, 04 December 2024 05:38 PM

රටේම මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබලා ඒක කරනතුරු තමයි. පොල්ගෙඩියේ හා හාල් කිලෝවේ මිල අඩු කරනවාට වැඩිය හොරා කෑව දේශපාලඥයින්ට දඬුවම් දෙන එක රටට අවශ්‍යයි.

:       28       49

ජයම්පති සෙනෙවි Wednesday, 04 December 2024 05:56 PM

පෑකවත්ත ජේවීපී මූලස්ථානයේ මඩ බලකාය ලියපු කමෙන්ට් තමා ඔක්කොම උඩ තියෙන්නේ… ඕක තමයි ජෙප්පෝ දන්නේ…

:       0       0

හිරුනි ජයකොඩි Wednesday, 04 December 2024 05:51 PM

ජෙප්පන්ගේ මාධ්‍ය සන්දර්ශන සල්ලි කාබාසිනියා කරමින් සහ රට බෙදුම්වාදීන්ට විකුණමින්…!

:       0       1

ඩිලේප පෙරේරා Wednesday, 04 December 2024 05:58 PM

කෝ පෙන්නපු ෆයිල් මිටි…? ඒවා ගිහිල්ලා දෙන්න ඒකට… අලුත් පනත් ඕනෑ නෑ. රට බෙදන එක වහන්න… කෝ ෆයිල් මිටි…?

:       3       70

Bandara Thursday, 05 December 2024 05:48 AM

ඒ කියන්නේ උගන්ඩාවේ හංඟපු ඩොලර් ගේනවාද? අපිට මාර විස්වාසයි ඔයගොල්ලෝ ඒවා හොයාගනී කියලා... මොකද කරන්න බැරිනම් කියන්නේ නෑ නේ

:       0       1

රුවන් Thursday, 05 December 2024 06:48 AM

අපිත් එක්ක ආනන්දේ හිටියා යාළුවෙක්, තාත්තා ත්‍රිවීල් රියදුරෙක්, රාජපක්ෂ පරම්පරාවේ ඥාතිකමක් තියෙනවා. කොල්ලා විභාගයත් ෆෙල් ඒ වෙද්දී ජනපති මහින්ද. අද කොල්ලා වගේම මුළු පවුලම එංගලන්තයේ. ඒක පාරට කෝටිපතියෝ වුනේ කොහොමද? අන්න ඒවා මේ රජයට හොයන්න ලෙසිවෙන එකක් නෑ. මොකද රාජපක්ෂ ජාලය ඉතාම විශාලයි. ඔය මම කිව්වේ එක උදාහරණයක් විතරයි.

:       15       0

Kamal Koyrala Thursday, 05 December 2024 12:25 PM

නව පනත් විතරක් මදි ඔය නීති වල තියනවා කියන ගුල් වහන්නත් ඕන එමෙන්ම රජයේ සියලුම ආයතන වල අල්ලස් නීතියට පිටින් කරන ක්‍රියා නැවැත්වීමටත් බරපතල දඬුවම් සහිත නීති අවශ්‍යයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 547 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 659 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 272 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 915 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 1165 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 382 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site