උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි , හිටපු නාගරික මන්ත්රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රසාන් අමරසේන මහතා අද (26)නියෝග කළේය.