
(ෂේන් සෙනෙවිරත්න,ගයාන් සූරියආරච්චි, රවින්ද්‍ර විරාජ් සහ කාංචනකුමාර ආරියදාස)
ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙකු ද සිටින බව පවසන පොලිසිය අනෙක් සැකකරුවන් වත්තේගම, පොල්පිතිම, සපුගස් කන්ද, කුරුණෑගල, විල්ගමුව සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38-50 අතර වයසේ පුද්ගලයන් බවද පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07 ක් සහ කොල්ලකෑමට උපයෝගී කරගත් සෙල්ලම් පිස්තෝල 02 ක් පිහියක් සහ වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මංකොල්ලය ඉකුත් නොවැම්බර් මස 10 වැනිි දින ලග්ගල ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බිය ගන්වා සිදුකොට තිබුණ අතර සැකකරුවන් මාවතගම සහ පොල්පිතිගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(කාංචනකුමාර ආරියදාස)

2025 දෙසැම්බර් මස 18
572
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලග්ගල කෝටි 6 කොල්ලයේ නවයක් මාට්ටු
Silva Sunday, 01 December 2024 06:41 PM
නව දෙනෙක් ඇල්ලුවා කිව්වාට ෆොටෝ එකේ දහ දෙනෙක් ඉන්නවානේ. පුදුම හොරු තමයි ඉන්නේ...!