(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ජීප් රථය ඊයේ(30) පොලිස් භාරයට ගෙන ඇත.
වාහන අලුත් වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට වසර එකහමාරකට පමණ ඉහතදී එම ජීප් රථය මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති හේනගම ධම්මදාන හිමියන් විසින් ලෑන්ඩ් රොවර් වර්ගයේ ජීප් රථයක චැසියක් , ටයර් හතරක් , සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
අනතුරුව වරින්වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් ගෙනත් දුන් බවත් පසුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 14- 1/2 ක මුදලකට එන්ජිමක් ගෙනත් දුන් බවත් එම ඇන්ජිම මේ වන විට මෙම ජීප් රථයට සවිකර ඇති බවට වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසියේ සඳහන්කරයි.
පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එකලස් කළ ජීප් රියක් පොල්ගස්ඕවිටින් සොයාගනියි
de silva Sunday, 01 December 2024 10:57 AM
ඔය කියන චීවරධාරියා වහාම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ, චෝදනාව ඔප්පු වුණොත් චිවරය ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ අපේ බදු මුදල් වලින් බුද්ධශාසන අමාත්‍යංශයක් නඩත්තු කරන්නේ පොල් ගාන්න නොවේ.., මෙහෙම දෙයක්වත් කරන්න බැරි නම් බුද්ධ ශාසන අමාත්‍යාංශයකින් ඇති වැඩකුත් නැත. සාසනය ආරක්ෂා කරන්න නම් හාමුදුරුවරුන්ට ව්‍යාපාර, ටියුෂන් දීම තහනම් කරන්න පනතක් ගෙන එන්න ඕනේ. පන්සල් වලට අයිති දේපල, වාහන පරිපාලනය, දායක සභාව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් කරන්න ඕනේ... සාසනය විනාශ කරන්නේ මුස්ලිම්, කතෝලික මිනිස්සු නොවේ. චීවර දරාගත් මෙවැනි බිස්නස් කාරයින්ය..!
බකල ජයා Sunday, 01 December 2024 12:29 PM
ඉක්මනින්ම නිවන් යන්න වෙන්න ඇති.
sanath Sunday, 01 December 2024 02:35 PM
අනිවාර්යයෙන්ම හාමුදුරුවරුන්ට බිස්නස් තහනම් කරන්න පනතක් ගෙන එන්න ඕනේ... වංචා, දූෂණ, හොරකම් වලට අහුවෙලා අධිකරණයෙන් දඬුවම් ලබන පුද්ගලයින්ගේ චීවරය ඉවත් කිරීමට නීති පනවන්න ඕනේ... සිවුරු දරන්න සහ බිස්නස් කරන්න දෙකක් බැහැ. එකක් තෝරාගන්න කියන්න. දැන්මම මේවා නොකළොත් තව අවුරුදු 10-15 යනකොට හාමුදුරුවරුන්ට විවාහ වෙන්න අවසර ඉල්ලලා උද්ඝෝෂණ කරන්නත් ඉඩ තිබෙනවා...