IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඒඩ්ස් නවත්වන්න හරිනි-නලින්ද පා ගමනේ

(අංජුල මහික වීරරත්න)

සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදාට යෙදෙන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී  පැවැත්විණි.

 “අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු”  යන්න  තේමා කර ගනිමින්  මෙවර සැමරුම් උළෙල සංවිධානය  කර තිබිණි.

මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒඩ්ස් රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශවයන් සදහා ‘කොන්ඩම් ඩිස්පෙන්සර්ස්'  බෙදා දීම මෙන්ම පාගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක්ද අග්‍රාමාත්‍යවරියගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ පැමිණ සිටි ආරාධිතයන්ගේ  සහභාගීත්වයෙන් සිදුවිය.

ජනතාව ඇනුවත් කිරීමේ අරමුණින් ආරම්භ කල විශේෂ පාගමන ගොල්ෆේස් පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගරශාලා වටරවුම, රෝහල් චතුරස්‍රය, අක්ෂි රෝහල, පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන කාර්යාලය දක්වා ගමන් කරන කළේය.

මෙම පාගමන සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොලිස් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීහු, බන්ධනාගාර නිලධාරීහු,  ඇතුලු ඒඩ්ස් රෝගය මර්දනය සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.

 



අදහස් (5)

ඒඩ්ස් නවත්වන්න හරිනි-නලින්ද පා ගමනේ

චානිකා Sunday, 01 December 2024 01:05 PM

ඔහොම පාරේ ගියහම නවතියි... ඒඩ්ස්..

:       16       21

Ran ThaSunday, 01 December 2024 01:17 PM

දැනුවත් කිරීමක් කියලා නේද දාලා තිබ්බේ. එතුමියන්ට බෑ ඒඩ්ස් නවත්තන්න. ඒකට ඔබතුමීලා වගේ කට්ටිය සහයෝගය දෙන්න ඕනෑ. එක සහකරුවෙක් සමග පමණක් ලිංගිකව එකතු වීම. නැතිනම් කොන්ඩම් දැමීම අනිවාර්ය කිරීම...

:       5       26

මැක්ස් Sunday, 01 December 2024 01:53 PM

මීට පෙර පත්වූ සියලු පාලකයින් කළ විහිළු ඊටත් වඩා සද්දෙට කරන්න මාලිමාවෝ හපං වගේ...

:       23       26

Priyantha Dissanayake Sunday, 01 December 2024 02:01 PM

අනේ මන්දා මහත්මියණි, ඔබලාට අමතක වෙලා NPP ආණ්ඩුවක් තිබෙන්නේ එහි අගමැති, ඇමති අපි කියලා. රජයක් විදිහට ඔයිට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්..., පාසල් වියේ සිටම හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක්, ධර්මය පිළිබඳව අවබෝධයක්, ශිෂ්ඨසම්පන්න භාවය පිළිබඳව වටිනාකම සදාචාර සම්පන්න, සිල්වත්, ගුණවත් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා ආණ්ඩුව ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. එවිට ඒඩ්ස් පමණක් නොව සමස්ථ සමාජයම යහපත්වෙනවා. රටම සුරක්ෂිත වෙනවා... සහ නිරාගමික සංකල්ප හෙලාදැක ඒවාට වැට බැඳිය යුතුයි...

:       9       26

Prasanna Sunday, 01 December 2024 03:30 PM

කොන්ඩම් සහ අළු කෙසෙල් නොමිලේ බෙදන්න ඕනෑ...

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මේ වසරේ රිය අනතුරුවලින් 965ක් මරුට
2025 මැයි මස 15 0 0

ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 965 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.


සපුගස්කන්ද රන් බඩු කොල්ලයට අයෙක් සැකපිට
2025 මැයි මස 15 57 0

සපුගස්කන්ද ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බියවද්දා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරු


පතල්කරුවන්ට රක්ෂණයක්
2025 මැයි මස 15 92 0

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය


ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට
2025 මැයි මස 15 291 0

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.


කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 779 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 460 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1484 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1647 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 433 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site