(විමුක්ති එස් රුද්‍රිගු)
වට්ස් ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන බැවින් සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළේය.
හැකර්කරුවන් වට්ස් ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී සූක්ෂමව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර ඔවුන්ගේ වට්ස් ගිණුම් ඇප් හැක් කරන බවත් හැක් කරන වට්ස් ඇප් ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස හැකර්කරුවන් පණිවුඩ යවන බවත් ඒ මහතා පැවැසුවේය. මේ පිළිබඳ කෙතරම් දැනුවත් කළත් තවමත් එම වංචාවලට හසුවන ශ්‍රී ලාංකිකයන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
ආගමික වැඩසටහනක් සඳහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සඳහා සහභාගී වීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් සූම් රැස්වීමකට සහභාගී කරවා ගැනීම සඳහා දුරකතනයට ලැබුණු කේතය ලබා දෙන ලෙස හැකර්කරුවන් ඉල්ලා සිටින බවත් නමුත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ සූම් රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකර්කරුවන්ට වට්ස් ඇප් ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත් චාරුක දමුණුපොළ මහතා පැවැසුවේය.
ඉල්ලා සිටින කේතය ලබා දුන්හොත් සිය වට්ස් ඇප් ගිණුමේ පාලනය හැකර්කරුවන්ට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
පාලනය ලබා ගැනීමෙන් පසුව එම වට්ස් ඇප් ගිණුමේ ඇති අංකවලට නොයෙකුත් ආකාරයේ හේතු පවසමින් මුදල් ඉල්ලා හැකර්කරුවන් පණිවුඩ යවන බවද ඔහු පැවැසුවේය. එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම වට්ස් ඇප් ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවත් තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම සිදු නොකළ යුතු බවත් දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.
වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු පැවැසුවේය.
ජනතාව මේ පිළිබඳ දැනුවත් වීමෙන් මෙම මූල්‍ය වංචාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව තිබෙන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.
සපුගස්කන්ද ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බියවද්දා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරු
පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘වට්ස් ඇප්‘ හැකරුන් වැඩිවෙලා :හසු වෙන්න එපා ‘