සි.අයි.ඩි ලෙස පෙනී සිටි තිදෙනා රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(සි.අයි.ඩි) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලූපිටියේ නිවසක් පරීක්ෂා කර රුපියල් දෙකෝටි විසිලක්ෂයක මුදලක් හා ඩොලර් 3500ක් අල්ලස් වශයෙන් ගත් බව කියන දෙමටගොඩ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ලබන 28 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය. 14 May 2024
දුමින්ද උසාවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පැවරීය. 14 May 2024
අධ්‍යාපන නිලධාරී දාහක් ශිෂ්‍ය භට තනතුරු වලට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 May 2024
රණ විරුවන්ට රජයේ ඉඩම් රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 May 2024
ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක් ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය. 14 May 2024
ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි. 14 May 2024
පානගමුවේ කුකුල්ලු මැති සබයට රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) විමසීය. 14 May 2024
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. 14 May 2024
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. 14 May 2024
ලංකාවට එන හැම සුද්දාටම ’’තේ සිහිවටනයක්’’ ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය. 14 May 2024
මෝදි නාම යෝජනා භාර දෙයි ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි. 14 May 2024
අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසිය. 14 May 2024
සා.පෙළ ඉවර වූ සැණින් උසස් පෙළට පන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
ඉතිරි කිරීමේ බැංකුවේ කැමති අයට විශ්‍රාම යන්න වරම් ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
පුජා භූමි 20ක් මේ වසරේ ගැසට් කරයි මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2024
ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ . 14 May 2024
ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක් ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි. 14 May 2024
බහින්බස්වීම දුරදිග ගොස් පිහියෙන් ඇනලා අම්පාර මහඔය සමගිපුර ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සදහා යමින් සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත්කර කර ඇතැයි පොලීසිය කියයි. 14 May 2024
බෝට්ටුව පෙරැළි ධීවරයා මරුට මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් පොලිසිය සදහන් කරයි. 14 May 2024
රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත. 14 May 2024
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 14 May 2024
අහසේ කැලඹිලි ස්වභාවය තවදුරටත්:වැස්ස වැඩිවේ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 May 2024
ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි. 13 May 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී මාට්ටු? අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කරුවකු බව කියන ඩබල් කැප් චූටි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී ඔහු ගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමග එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 May 2024
නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. 13 May 2024
ඇමරිකා රජයේ ලොක්කෙක් ජනපති හමුවෙයි මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 13 May 2024
ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 13 May 2024
හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය. 13 May 2024
ෆෝන් චාජරයෙන් විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මරුට ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පොලිසිය පවසයි. 13 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025