පුද්ගලයකු ඝාතනය කර පලාගොස් සිටි රියදුරු අත්අඩංගුවට යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථය රියදුරු සමග අද (02) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 02 August 2024
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා (05) පස්වරු 3.00 විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ. 02 August 2024
ජනපති සටනේ ආරක්ෂාව ගැන පොලිස් ලොක්කන්ට උපදෙස් ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පොලිස් ප්‍රධානීන් කැඳවා අද (2) උපදෙස් මාලාවක් දුන්නේය. 02 August 2024
ගංගාරාම ඥානිස්සර හිමිගේ අභාවය රටට විශාල පාඩුවක් හුනුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අභාවය රටට දැරිය නොහැකි විශාල පාඩුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 August 2024
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 45ක් ඉදිරි ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 45 ක් මේ වනවිට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. 02 August 2024
වීසා නිකුත් කිරීම කොටඋඩ ‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 August 2024
හොරෙන් රට පැනීමේ අවස්ථා 181ක් පසුගිය වසරේ මාට්ටු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේ ඒකකය පසුගිය වසරේ (2023) ව්‍යාජ සංචාරක ලියකියවිලි භාවිත කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වීමට කළ උත්සාහයන් 181 ක් ව්‍යාර්ථ කිරීමට සමත් වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය. 02 August 2024
’’යාපනයට ගංගාවක්’’ දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 August 2024
වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩිවිය මගින් ප්‍රසිද්ධ කර ඇත. 02 August 2024
කැපකිරීම් කළ යුත්තේ රටේ නායකයායි බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. 02 August 2024
ජනපති සටනට 10ක් ඇප තියයි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ 02 August 2024
පොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය. 02 August 2024
ඊශ්‍රායලය වෙනුවෙන් හිට ගන්නවා ඉරානයේ අනුග්‍රහය ලැබෙන හවුති, හමාස් සහ හිස්බුල්ලා සංවිධාන වලින් මෙන්ම ඉරානයෙන් එල්ල වන වෙනත් ඕනෑම තර්ජනයකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බව ඇමෙරිකා ජනධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ පැවැති දුරකතන සංවාදයකදී ප්‍රකාශ කළ බව ධවල මන්දිරය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. 02 August 2024
’’මං නැත්නම් ජනපතිවරණයකුත් නෑ’’ තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම් 2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 02 August 2024
ලෙබනනයට යන්න එපා අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. 02 August 2024
එස්.අයි.ට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට මහනුවර මාතලේ පාර, ප්‍ර දේශයේදී වෑන් රථයක් අසල පිහියක් අත තබාගෙන සිටි පුද්ගලයකු පිළිබදව පිරික්සීමේදී උපපොලිස් පරීක්ෂකවරයකුට පිහියකින් ඇන්න බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි 02 August 2024
අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කළ බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි. 02 August 2024
ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී වදාළ බව ලංකාදීප එසැණ මහත් සංවේගයෙන් යුතුව දන්වා සිටි. 02 August 2024
සුදුමැස්සා මට්ටු කරන්න විලෝපිකයන් බෙදයි පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිකයා අඩංගු පැකට් ලක්ෂ 3ක් මෙම වසර තුළ බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. 02 August 2024
මඟ මරුවා දැරියට තුවාල කර පියා බිලි ගනී සිය හත්හැවිරිදි දියණිය අනතුරට පත් කර පළා ගිය ලොරි රථය පිටුපස හබා ගිය පියෙකු ලොරිය නවතා රියදුරු බස්සවාගැනීමට රියදුරු අසුන පැත්තේ වීදුරුවේ එල්ලීමේදී ලොරියේ රියදුරු රථය ඉදිරියට ධාවනය කර විදුලි කණුවක හප්පවා එම පියා මරණයට පත් කර ඇතැයි බලන්ගොඩ පොලීසිය කියයි. 02 August 2024
මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක් ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් සිටින මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ටය. 02 August 2024
මැකෝට පැමිණිලි ගලයි මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 02 August 2024
හනියේ මලේ මාස දෙකකට කලින් සවි කළ බෝම්බයකින් හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ උතුරු ටෙහෙරාන්හි නිවසට පැමිණෙන තෙක් මරණය මාස 2ක කාලයක් බලා සිට ඇති බවත් ඔහු ඝාතනයට ලක්වී ඇත්තේ එම නිවසේ සඟවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 02 August 2024
ඔන්ලයින් පනත ගැසට්ටුවට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර ඇත. 02 August 2024
බස් අනතුරින් පහක් රෝහලේ තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වු අනතුරිකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා අතැයි ලිඳුල පොලීසිය පවසයි. 02 August 2024
රන් පැහැති නෙළුම් මලක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව බව පවසමින් රන් පැහැති නෙළුම් මලක් ළඟ තබා ගනිමින් එය අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 02 August 2024
සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා දැමු ගුරුවරිය අත්අඩංගුවට පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 02 August 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 August 2024
ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගනී බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක් පමණ) වියදමින් මිලදී ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 02 August 2024
ද්වන්ධ සටනක් ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ කළ ආරාධනය ලෝන් මස්ක් පිළිගෙන ඇත. වෙනිසියුලාවේ මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ ප්‍රහාරය පසුපස ඊලෝන් මසක් සිටින බවට චෝදනා කරමින් මදුරෝ මෙම ආරාධනය කර තිබිණි. 02 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026