පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 29 November 2024
ආපදා මරණ 14 දක්වා ඉහළට රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 29 November 2024
දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ් ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුනු දිසානායක මහතා අද නියෝග කළේය. 29 November 2024
නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම් නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. 29 November 2024
අවතැන් වූවන් බලන්න ඇමැති යයි තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. 29 November 2024
මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරදකරුවන් වු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණීය දණ්ඩනය අද (29) නියම කළේය. 29 November 2024
‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘ එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් ප්‍රකාශ කළේය. 29 November 2024
ඉන්දියාවෙන් ඇල්ලූ කුඩු සමග සැකකරුවන ලංකාවට දෙයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැකකරුවෝ පිරිසක් ඉන්දිය නාවික හමුදාව විසින් අද මෙරට නාවික හමුදාවට බාර දෙනු ලැබූහ. 29 November 2024
කොළඹට පැය 18ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි 29 November 2024
පුටින්ගෙන් දැඩි නියෝගයක් එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි ඉක්මණින් යුද්ධය සඳහා සූදානම් කරන ලෙස රුසියානු ජනාධිපති සිය හමුදාවට නියෝග කර ඇතැයි පැවැසෙයි. 29 November 2024
හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන් අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (29) පස්වරුවේ නිවේදනය කළේය. 29 November 2024
උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරයි 29 November 2024
අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (29) පැවැත්විණි. 29 November 2024
උගන්ඩාවේ නායයෑමකින් 17ක් මරුට 100ක් අතුරුදන් අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 29 November 2024
බිරිය මරා සැඟවී වස බීලා පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටියදී කතරගම පොලීසිය විසින් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් සැකකාර ස්වාමිපුරුෂයා වස වර්ගයක් පානයකර තිබූ හෙයින් ඔහු කතරගම දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කොට ඇතැයි කතරගම පොලීසිය කියයි. 29 November 2024
පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹයි ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 29 November 2024
තද වැසි හෙටත් උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි හෙට (30) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාල දෙපාර්තමේන්තුව පැවසීය. 29 November 2024
වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්? ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 29 November 2024
ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක් ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී , ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත අද (29) දහවල් භාර දීම සිදු කෙරුණි . 29 November 2024
වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. 29 November 2024
කිඹුල් නඩුවෙන් රාජිත නිදහස් බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකාශයක් කර වු බවට චෝදනා ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මොහෝමඩ් රූමිට එරෙහිව පවරා තිබු නඩුවෙන් වාචික චෝදනා නොකැඳවාම නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ මහාධිකරණය නියෝග කළේය. 29 November 2024
සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය. 29 November 2024
ලොව ලොකුම රන් නිධිය චීනයෙන් රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය පසුගියදා ප්‍රකාශ කළේය. 29 November 2024
රජරට රැජිණ කොළඹදී පිලීපනී අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 November 2024
හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය. 29 November 2024
වාන්ජලයට කොටුවී සිටි ගමක වැසියෝ බේරා ගනිති මුලතිව් දිස්ත්‍රික්කයේ විශාලතම වැව වන මුත්තියන්කඩ්ඩු වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත් බිම් රැසකට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇත. 29 November 2024
නාවලපිටි - දොළොස්බාගේ පාරට පස් කන්දක් කඩා වැටෙයි නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 29 November 2024
ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29) පස්වරුව දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර එයින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 24 කට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ . 29 November 2024
ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15න් සොයා ගනී කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ. 29 November 2024
දඹුලේ එළවලු හිඟයක් පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියා සිටී 29 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026