ඩියුටි ෆ්‍රී වෙළෙදසලක් බිඳ කෝටියකට අරක්කු-සිගරැට් උස්සලා කොළඹ වරාය මගී පර්යන්තය අසල පිහිටි තීරුබදු රහිත වෙළෙදසලක් බිද රුපියල් කෝටියකට ආසන්න මත්පැන් සහ සිගරැට් සොරාගෙන ගොස් ඇති බව වරාය පොලිසිය පවසයි. 17 September 2024
ගජමුතු ගනුදෙනුවට ආ 4ක් පොලිස් දැලේ ගජමුතු දෙකක් සහ මුතු ඇට 171ක තොගයක් රුපියල් හැට ලක්ෂ පනස්දහසකට විකිණීමට රැගෙන ආවැයි කියන සිවු දෙනෙක්මාතලේ බලකඩුව පාලම අසලදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබූහ. 17 September 2024
කුලියාපිටියේ වාහන එකලස් කම්හල විවෘත වෙයි මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 17 September 2024
රනිල්ගේ මන්නාරම රැස්වීමට ආ 200ක් විසිරුවයි ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මන්නාරමේ ඡන්ද රැස්වීමකට පෙළපාළියේ පැමිණි දෙසීයක පමණ පිරිසක් අද (17) විසුරුවා හැරි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 17 September 2024
පහේ පේපරේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දෙන්න යයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කොට ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 17 September 2024
ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කරන්න මෙහෙයුම් මැදිරියක් 2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 17 September 2024
‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘ මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලීත් ජයවීර මහතා මහනුවර සහශ්‍ර උයනේ අද (17) පැවති මහා ජන හමුව අමතා ප්‍රකාශ කළේය. 17 September 2024
‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘ වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ල ඇතුළු ජන රැලි හතරක් අමතමින් පැවසීය. 17 September 2024
රියදුරාට නින්ද ගිහින් මාළු ලොරිය මාර ගසේ හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අද (17) දා අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ. 17 September 2024
‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘ දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා(15) තලවකැලේදී පැවසීය. 17 September 2024
ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරිණි. 17 September 2024
අවසන් රැලි හෙට ලබන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජනබලවේගයේ අපේක්ෂක එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජනාධිපති සටනේ අවසන් මහජන රැලි11ක් හෙට (18) සවස පැවැත්විමට නියමිතය . 17 September 2024
ට්රිම්ප් මරන්න පැය 12ක් පඳුරක සඟවිලා ඉඳලා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච්හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් පිටිය වෙත පෙර සැලැසුම් කිරීමකින් තොරව ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ගොස් ඇතත් ඔහු ඝාතනය කිරීමට උත්සාහ ගත් තැනැත්තා පැය 12 ක පමණ කාලයක් පඳුරු අස්සේ සැඟව සිට ඇති බවත් ඉන් ඇමෙරිකානුවන් විමතියට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 17 September 2024
රුසියා හමුදා ශක්තිය තවත් වැඩි කරයි රුසියානු හමුදා භටයින් සංඛ්‍යාව 180,000 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තම හමුදාවට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ සම්පූර්ණ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා වැඩිවනු ඇතැයි පැවැසෙයි. 17 September 2024
පිපිරීමකින් අයෙක් රෝහලේ වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි . 17 September 2024
අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 17 September 2024
දඹරන් පිලිම කොල්ලය වරදී කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැර ගෙන පිළිමය සොරා ගැනිමට කල උත්සහය ගම්වාසින් විසින් වලකා කොල්ලකරුවන් දෙදෙනෙකු අල්ලා සාලියවැව පොලිසියට භාර දී ඇති බව පොලිසිය කියයි. 17 September 2024
මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන් මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 17 September 2024
දිවුල් ගසක් කඩා වැටී කතක් මරුට තණමල්විල, කුඩාඔය, ඇතිලිවැව, තෝරආර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඇග මතට දිරාගිය දිවුල් ගහක් කඩා වැටිමෙන් එම කාන්තාව සිද්ධිය වු ස්ථානයේදීම මියගොස් ඇතැයි, කුඩාඔය පොලිසිය පවසයි. 17 September 2024
ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි. 17 September 2024
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් අයෙක් අල්ලයි අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 17 September 2024
තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක් ඊයේ (16) විසුරුවා හැරි බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 17 September 2024
අදත් වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 September 2024
රූපෙන් ලොවම දිනූ තිලිණි එයි ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි අද දින දිවයිනට පැමිණියාය. 17 September 2024
වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය. 16 September 2024
පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක් පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ පුවතක් පන්නල පොලිසියෙන් වාර්තා වේ. 16 September 2024
ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ. 16 September 2024
ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 16 September 2024
ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක් පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති. 16 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025