අජන්ත කුමාර අගලකඩ
රට තුළ හදිසි නීතිය දින 10කට පැනවීමට රජය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (6) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.
තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං රට හදන්න පුලුවන් .....ආයෝජකයෝ එයි....
‘‘ වෛරයෙන් , වෛරය නොසන්සිදේ . අවෛරයෙන් පමණක් වෛරයෙන් සංසිදේ " . බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළේ මෙයයි .
මොනවද මේ රටට මේ වෙන්නේ. ජනතාව කලහාකාරී ලෙස හැසිරෙන්නේ රජය නිසිපරිදි ජනතාව දැනුවත් නොකරන නිසයි. අනික රජයේ ආයතන ගැන මහජනතාව තුල පවතින සැකය සහ අවිනිශ්චිතභාවය මේ සියල්ලටම මුලයි. කිසිදු රාජ්‍ය ආයතනයක් ජනතාවට වග නොකියන නිසා ජනතාව තුළ පවතින කළකිරීම මෙසේ පහව යාම අතිශයින්ම බිහිසුණුය.
ජාතිවාදීන් ඉන්න කන් ඉතින් රටක් කොහොමත් හදන්න අමාරුයි...
පොටෝස් රඑක්ක වීඩියෝ තියෙනකොට තව වැරදි මොනාද? සිංහල බෞද්ධ රටට ගිය කළක්.....................
ඕනැම සිදුවීමක් දේශපාලනය = මහා විනාශයක්
අගමැතිගේ විශ්වාසභංගය යට ගහන්න මාර ප්ලෑන් එකක් ගැහුවෙ නේද?
රටට ආයෝජකයෝ එයි????? විදෙස සංචාරකයෝ එයි??? සින්ගපුරුවේයි????? අපේ දරුවන්ගේ අනාගතය සුපිරි වේයි??? විදෙස රටවෙලින් කොන් වේයි රට ආපස්සට යයි........ පාලකයෝ නිදා සිටියි ජාතිවාදීන් රට ගිනි තියයි........
රටේ පළවෙනි සහ දෙවෙනි තුමන්ලා ඔවුනොවුන්ට කේන්ද්‍ර ගතවුණු තනතුරු ආරක්ෂා කර ගැනීමේ පෞද්ගලික වූ න්‍යාය පත්‍ර වලට කොටු වූ මානසිකත්වය තුළ සිටින වෙලාවක, මේ කවුද? මොනවාද කරන්නේ? මොනවාද වෙන්නේ? කියල සොයා බලන්න වෙලාවක් කොහෙද තියෙන්නේ. මේ දේශය දැන් මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය ක්ෂණයෙන් ක්ෂණය විනාශයට යනවා...............
මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටියි. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරි නීතිය, හදිසි නීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.
පුරා වසර 31ක් ලාංකිකයින් ලෙසට අපි වින්ද දුක් කන්දරාව හොඳටම ඇති. මොන විදිහකට අාවත් ඉලක්කය එ්කමයි එහෙනම්... රටේ නීතියට අවනත නොවන කව්රු හෝ වේවා!!! උපරිම දඬුවමකට ලක්කර යුතුමයි. එයට ජාති වර්ග අනවශ්‍යයි. නීතිය හැමෝටම එක හා සමාන විය යුතුමයි.
අප්පුහාමි මහතාගේ අදහස වඩාත් නිවැරදි කරනවා නම්, සමහර දේශපාලකයින්ට බඩගෝස්තරය රැකගන්න ජාතිවාදයක් පැවතිය යුතුයි. මේ නිසා රටක් හදන්න බඩගෝස්තරවාදී දේශපාලකයින් ඉන්නකම් අමාරුයි කියමු.
රජයක් නිතිය සියලු ජාතීන්ට සමව ක්‍රියාත්මක කරන්නෙ ඕනේ. අද ඒක එහෙම වෙන්නේ නැති නිසා සිංහල අය අතෙරේ ලොකු අවිශ්වාසයක් තියෙනෙව නිතිය ක්‍රියාත්මක කෙරන ආයතන ගැන. අද උතුරු / නැගෙනහිර හිදී නිතිය ක්‍රියාත්මක වෙන විදියයි රටේ අනිත් ප්‍රදේශ වල ක්‍රියාත්මක වන විදියයි වෙනස් නේ. මේවට පොලිසිය වග කියන්නෙ ඕනේ.
1983 කළු ජූලියෙන් පස්සේ මේ රටට ලැබුණු තෑග්ග තමයි 30 වසරක යුද්ධය. ඒකෙන් පාඩමක් ඉගෙන නොගත් අමනයෝ තවත් යුද්ධයකට පාර කපන්න වලි කනවා. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා බුද්ධිමතුන් පාඩම් ඉගෙන ගන්නේ අනුන්ගේ අත්දැකීම් තුළින් වුවත්, මෝඩයන් පාඩමක් ඉගෙන ගන්නේ තමන්ගේ අත්දැකීම් තුළින් කියලා. මේ රටේ ඉන්න සමහරු පට්ටපල් මෝඩයින්... මේ එකකින්වත් පාඩම් ඉගෙන නොගන්න බව ඉතා පැහැදිලියි.
පුද්ගලයෙක් එක්ක ප්‍රශ්නයක් නම්, සම්බන්ධ අය එක්කම බේරාගන්න... රටම ගිනි ගොඩක් නොකර...
තමන්ගේ ජාතිය ආරක්ෂා කරන්න කියලා ඉල්ලපු ඔහු ජාතිවාදියෙක්ද? තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තා කාලකණ්ණියෙකි.
ඔක්කොම කුනු බෙන්ගාලෙ බොක්කට වගේ අවසානෙ මෙකත් රාජපක්ෂලගේ ගිණුමට එකතුවෙයි අද.
මහපාරේදී මිනීමැරුමක් වුනහම පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වෙන්න ඕන, එච්චරයි . මම ඉන්නෙත් වෙන රටක මෙහෙ විවිධ රටවල මිනිස්සු ඉන්නවා, මෙවැනි සිද්ධියකදී ජාති ආගම සලකන්නේ නැහැ, මිනීමරුවෝ හිරේ. උගත් සමාජයක සහ නුගත් සමාජයක වෙනස මේ, නොදනිම කඩේ යනවා කපටි දේශපාලුවන් වෙනුවෙන්. 30 වසරක් යුද්දයෙන් බැට කෑ අපි අපේ දරුවන්ටත් එයම උරුම කරමුද ? මුස්ලිම් සිංහල දෙමල බර්ගර් සිදුකල සියලු වැරදි වලදී රටේ නිතිය හරියට ක්‍රියාත්මක වුනානම් අද මෙහෙම වෙන්නේ නැහැ
විනාශය වේගයෙන් අතු ඉති ලා වැදෙන්න පුළුවන්. නියපොත්තෙන් කලා දමන එක හොඳයි.
රටට මේ වේලාවේ හදිසි නීතියක් හෝ විශේෂ ආරක්ෂක තත්වයක් නැත..!!! ආණ්ඩුව ඉතාම දුර්වල වී ඇත. එහි අභ්‍යන්තර දුර්වලකම් සහ ගැටුම් වසා ගැනීමට මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම තීරණය ගත් බව පැහැදිලියි.
ඊයේ, පෙරේදා මාලදිවයිනේ සිදු කළෙත් බලහත් කාරයෙන් හදිසි නීතිය පනවා ජනාධිපතිවරයා සිය බලය බලහත්කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සාහයක් බව තේරුම් ගත යුතුයි. වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයින් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකර එමගින් බලහත්කාරයෙන් හදිසි නීතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුළින් මර්ධනය කිරීමේ පටු උත්සාහයක් බව පැහැදිලිව පෙනේ...
මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටියි. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැකිය. ඇඳිරි නීතිය, හදිසි නීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.
මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටියි. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියළු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි. මේ සඳහා ගහලයා තනතුර (නීතිය හා සාමය ඇමති) සරත් ෆොන්සේකාට යෝජනා කර ඇත්තේ මේ සැලසුම ක්‍රියාත්මක කරන්නට දින දෙකකට පෙරය.
මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටී. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැතිඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරයෙන් යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි. මේ සඳහා ගහලයා තනතුර (නීතිය හා සාමය ඇමති) සරත් ෆොන්සේකාට යෝජනා කර ඇත්තේ මේ සැලසුම ක්‍රියාත්මක කරන්නට දින දෙකකට පෙරදීය.
ශ්රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වේගෙනයි එන්නේ..
විශිෂ්ඨ තීරණයක්... යහපාලන ආණ්ඩුව සංහිඳියාව, සහජීවනය ඇති කළ නිසා එහි ප්‍රයෝජන අද සියලු දෙනාටම ලැබෙනවා..
පැති කණ්නාඩිය බිඳෙනකොට පොලීසියට යන්නේ නැතිව මිනී මරනකොට ඉවසාගෙන සංහිඳියාව ආරක්ෂා කළා නම් අවුරුදු 2න් මිනීමරුවන් ගෙදර... මිනී මරණකොට පොලීසිය හරියට නීතිය ක්‍රියාත්මක කළානම් (දින ගණනාවක් සැකකරුවන් නොසොයා) මේ විපත වෙන්නේ නැහැ. ඒ මොකුත් නොකර සිටීමේ ප්‍රතිවිපාක තමයි මේ. මේ රටේ සුළු ජාතිකයින් බොහෝ ස්ථානවලදී සිංහල නොහැකි බවට අඟවමින් මහ ජාතියට වඩා බොහෝ වරප්‍රසාද ලබාගන්නා අතර මට සිංහල බැහැ කියා ඕනෑම ප්‍රකාශයක් ඔවුන්ගේ වාසියට හරවා ගනී. එසේම දැනට විනාශ වූ සියළු වත්කම් ඔවුන් රජයෙන් වන්දි ලෙස අනිවාර්යයෙන්ම ලබාගන්නවා. ඒ නිසා දේපළ විනාශය හමුදාව යොදවා හෝ නතර කල යුතුයි. කෙටියෙන් ගන්න දිගන හා පේරාදෙණියේ මාර්ගය දෙපස පදිංචිකරුවන් තම නිවස ඉදිරිපස පාර භාවිතා කරන ආකාරය දැක්කාම ඔවුන්ගේ හැසිරීමේ ගොඩක් දේවල් විද්‍යාමාන වේ. සිතන්න... මා වැරදිද? වැරදිනම් පෙන්වා දෙන්න..
අපරාදේ, මේ ආණ්ඩුව හදන්නේ සංචාරක ව්‍යාපාරයටත් හානි කරන්න... මේ වගේ තීරණ ගත්තාම ලෝකෙට යන්නේ වෙන විදිහකට... මේකෙන් යුරෝපා රටවල් අනිවාර්යයෙන් නිවේදන නිකුත් කරනවා ලංකාවේ ගමන් කිරීමෙන් වළකින්න කියලා...
ඇයි.. මේ ජාතිවාදී කියන ප්‍රශ්න සියල්ලටම රජය වගකිව යුතුයි. රටේ පුරවැසියන්ට වගකීමක් ගන්න බැරිද? මේ මිලේච්ඡ, අමන හැසිරීමෙන් වැළකී සිටින්නට...
හේතුව සහ ඵලය හඳුනාගමු. කණ්ණාඩියක් බිඳීම රටේ හදිසි නීතිය ගේන්න තරම් ප්‍රබලයිද? කියන සිද්ධාන්තය වගේ දෙයක්... සමනළයෙක් පියාඹමින් සුළි කුණාටුවක් නිර්මාණය වෙනවා වගේ දෙයක් .... හැමෝම රටේ නීතියට ගරු කළ යුතුයි.
ජාතිවාදය කියනදේ කොච්චර භයානකද? කියන එක තේරුම් ගන්නට බැරි පිරිස් ඉන්න ලංකාව වගේ රටක මේ දෙය නැතිවන්නේ නැහැ. කාලයක් ගිහිල්ලා නැවත මතු වෙනවා. කණගාටුයි කියන්නට... මෙවැනි දේවල්වලට විරුද්ධව දැඩි නීතිරීති සකස් කළ යුතුයි.
මේක හුදෙක්ම යටි අරමුණක අතුරු ජවනිකාවක්