(තිළිණි ද සිල්වා)
මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 25 වැනිදා තෙක් දීර්ඝ කීරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.
මුතුරාජ වෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ වැලි ගොඩ දැමීම, පස් කැණීම , පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
වත්තල ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුතුරාජවෙලට කුණු දැමීමේ අතුරු තහනම දීර්ඝ කරයි