(ඩී.ජී.සුගතපාල)
බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේදි ඊයේ (17) උදෑසන වෙඩි වැදි බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (18) අලුයම මියගොස් ඇතැයි කරාපිටිය රොහල් ප්‍රකාශකයෙකු පැවසිය.
වෙඩි තබා මෙසේ ඝාතනය කර ඇත්තේ බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එදිරිමුණි සුනිල් කුමාරද සොයිසා හෙවත් බණ්ඩා නමැති එක් දරුපියෙකි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ උදැසන ඔහුගේ නිවස අසලදි පොලිසියෙන් බව පවසා මාංචු කූට්ටමක්ද පෙන්වා වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරු පළමුව බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර කිබියදි මියගොස් ඇත
තුවාලකරු විදේශ ගතව සිට මෙයට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අයෙකු බවද පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා අහුන්ගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෝඨා සර් හිටියානම් මෙහෙම පාතාලයට නටන්න දෙන්නේ නැහැ.