(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ.
ඉකුත් 29 වැනි දින බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන ලද ලොරියක් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනඒමෙන් පසු නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පලකරමින් පොලිස් ස්ථානයෙන් රැගෙන ආ ටී56 ගිනි අවියකින් වෙඩි තබාගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සැරයන්වරයාගෙන් ගිනි අවිය මුදාගැනීමෙන් පසු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කළහ.
අදාල පොලිස් සැරයන්වරයා නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර තිබුණත්, පොලිස් ස්ථානාධිපතිවරයා වැලි ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවිය.
විවිධ වැකි ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ.
මේ පිළිබඳව ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේ ‘‘ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට පත්වූ සිද්ධියක්.. මේ වැලි ප්‍රවාහනය කරන ලොරිය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් අදහස් සහ විවිධ මතිමතාන්තර පැතිරෙන්නට පටන්ගත්තා... ඒ අනුව රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට බාරදුන්නා. විශේෂයෙන් සිදුකළ වැටලීම පිළිබඳවත්, ඒ වැලි ලොරියට තිබුණ බව පවසන බලපත්‍රය පිළිබඳ විමර්ශණය කිරීමට නියමිතයි.. යනුවෙන් පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා. සත්‍ය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට තුති.
රනිල්ගෙන් සාධාරණයක් බලාපොරොත්තුවන්න පුළුවන්ද?
ඒ වගේම තෙබුවන පොලිස් ලොක්කටත් නීතියෙන් දඩුවම් ලැබේවා..
මෙයි වියයුත්තේ සාධාරණ යුක්තිගරුක මිනිසුන් නිලධාරීන් වෙනුවෙන් සමාජය පෙනී සිටින්න ඕනේ . මොහුව පොලීසියට එපානම් අපි මහජන සේවයට පත්කරමු............... පාර්ලිමේන්තු යවන්න ඕනේ මේවගේ අයව .
ඔබටත් සාජන් මහතාටත් ජයෙන් ජයම ලැබේවා !
මේ උද්ඝෝෂණය සාධාරණයි. ජය වේවා.!
මෙයට විමර්ශනය පොලිසියෙන්ම කිරීම හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේවෙයි.
මට මතක් වෙන්නේ 80 දශකයේ මිනිසුන්ගේ සිත් ගත් පුවත්පත් නවකතාවක් වන 'එක්තරා පොලිස් නිලධාරියෙකුගේ කතාව' සහ එහි ප්‍රධාන චරිතය වූ නිමල් නම් වූ අවංකව තම සේවය කිරීමට ගිය පොලිස් පරීක්ෂක වරයාගේ ජිවිතයේ ශෝකාන්තය.
තුවක්කුවෙන් වෙඩි තබාගන්න ගිය හින්දා ඒ මනුස්සයා සාදාරනයි කියලා හිතන් නැතුව ඇත්ත නැත්ත හොයලා බැලුවොත් තමයිහොඳ.
ඉහල සිටම පහලට දුෂණය ගලා ඒම, නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ ක්‍රියාවලිය අඩපන කිරීමට ඔවුන්ගේම ඉහල නිළයන් යොදාගැනීම , මේවා හැමදාම අඩු වැඩියෙන් තිබු දේවල්, සමාජයන් මුලිනුපුටා දැමිය යුතු දේවල් හැම රජයක්ම මේවා නඩත්තුකරනවා පමණයි. අපිට මතකයි අධිවේගයේ වරදක් සඳහා ඇමති වරයෙකුගේ වාහනයකට දඩ පතක් නිකුත් කරලා ඒම පොලිස් නිලධාරියා ට එවකට රජය කරපු කෙනෙහිලිකම් . මේවා කාට කියන්නද,?
රටේ නීතිය රකින අති සුළුතරයක් පොලිස් සේවකයන්ටද නිතිය ක්‍රියාත්මක කරන පොලිසියෙන්ම සාධාරණයක් වෙන්නේ නැත්නම් අනිත් අයට කොහොමද වෙයිද ? පොලිසියට එරෙහිව පොලිසියට කඩේ යන පොලිස් ලොක්කෝ.
බිය නොවන්න. සාධාරණය පමාවෙලා හරි ජය ගනීවි. ඔබට ජය. තෙබුවන වැසියන්ට මගේ උත්තමාචාරය!
ලංකාවේම වැසියෝ මෙම සැරයන්ට සාධාරණය ඉල්ලා උද්ගෝෂණය කල යුතුයි. නියම පොලිස් නිලධාරියෙක්......
තව පුවතක තිබෙනවා මේ වැලි ලොරිය අයිතිකරුගේ බිරිඳ දේශපාලනයේ ඉන්න කෙනෙක් බව.
sam, ට කොනක් අහුවෙලා තියෙන්නේ.
රොකි, වැලි ලොරි හිමියාගේ බිරිඳ තෙබුවන පළාතේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. පොඩ්ඩක් හොයල බලන්න. කොනක් නෙවෙයි. ඇත්ත.